මාගේ මිත්‍රයාගේ කතාවට කොටස් දෙකකි. පළමු කොටස ඔහුගේ උපතට පෙර සිදුව ඇත. දෙවන කොටස ඔහුගේ අත් දුටු දේය. මේ කතාවෙහි කථානායකයා ඔහුගේ බාප්පාය.
මේ කතාව දිග හැරෙන්නේ පනහේ දශකයේ මුල භාගයේ සිටය. බාප්පාට ඒ කාලය වනවිට අවුරැදු විස්සක් විසි දෙකක් වන්නට ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසු බාප්පාට විදේශයක වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට ඕනෑ විය. විවිධ රටවල සරසවි සමග ලියුම් හුවමාරැ කරගත් බාප්පා අවසානයේ ඕස්ට්‍රේලියාවේ සරසවියකින් තෝරාගෙන ඇති බවට ලිපියක් ලැබුනේය.
බාප්පාගේ විදේශ ගතවීම ආච්චීට වේදනාකාරි අත්දැකීමක් වූවාය. පවුලේ බාලයා සහ වැඩි මහලු අක්කලා අතර හැදුනු බාප්පා සැබැවින්ම පොඩි දරැවෙකු වූයේය. කිසිදු කටයුත්තක් තනිව කර ගැනීමට නොදත්තේය. සීයා ආචිචිගේ සහ නැන්දලාගේ දුක් දොමනස්සයන් මායිම් නොකලේය. සීයා කීවේ බාප්පාට තනිව කටයුතු කල යැකි බවය.
බාප්පා නැව් නගින දිනයේදි සියල්ලෝම කොලඹ වරායට ගියහ. මලක්කාව බලා යන විශාල දුම් නැවක් ජැටියෙහි නැංගුරම් ලා තිබිනි. බාප්පා පලමුව මලක්කාවට ගොස් එතැනින් සිඩ්නි වරායට යන නැවක නගින්නේය. මුලු ගමනටම සති තුන හතරක් ගත වන්නේය. බාප්පාගේ ට්‍රංක පෙට්ටි සීයාගේ මෝටර් රථයෙන් නාටාමිලා කර තියාගෙන ගොස් ජැටියේ ගොඩ ගැසූහ. ආච්චී සහ නැන්දලා කඳුලු පිස දමමින් බාප්පාට උපදෙස් දුන්හ. අවසානයේ බාප්පා නැවට ගොඩවූයේ කාගේත් කඳුලු මැද්දේය. ජැටියෙන් මිදුනු නැව දුම් දමමින් කොලඹ වරායෙන් ඈත මුහුදට ගොස් නොපෙනී යන තෙක් බලා සිටි පවුලේ සියල්ලෝ වචනයකුදු නොදොඩා ලෙයාඩ්ස් පාරේ ගෙදරට ආහ. සියල්ලෝම එදින බඩ සයින්ම නින්දට වූහ.
බාප්පාට ජීවත්වෙන්නට මුදල් යැවූයේ සීයාය. සරසවි ගාස්තුද එයට ඇතුලත්ය. බාප්පා ඉගෙන ගත්තේ නාවුක ඉංජිනේරැ ශිල්පයයි. බාප්පා ආච්චීට ලියුම් එව්වේය. පින්තූර එව්වේය. නැන්දලාට විහිලු කතා ලියා එව්වේ පවුලේ බඩ පිස්සා තවමත් තමන් බව ඔවුනට සිහිපත් කරමිනි.
කාලය ගෙවෙද්දී සීයාට බාප්පා ගැන කවුරැන් හෝ කේලමක් කියා තිබුනේය. සීයා එයින් කෙතරම් උරණ වූයේද යත් ආච්චී සමග බාප්පා බලන්නට යන්නට තීරණය කලේය. ඇත්තෙන්ම බාප්පා බලන්නට නොව බාප්පා ගෙන එන්නටය. සීයාත් අච්චීත් බාප්පා බලන්නට ගියහ. ඒ බාප්පා සමග ඇති කරගත් තරහවක් සමගිනි.
බාප්පා එන්නට කැමැති වූයේ නැත. ඔහු කීවේ ඔහුට ඉගෙනීමට අවශ්‍ය බවයි. සීයා කීවේ ඔහු තව එක් මොහොතක් හෝ එහි නොසිටිය යුතු බවයි. සීයා බලවත්ය. සීයා හමුවේ ආච්චීද නිෂ්ශබ්දය. බාප්පා සීයා සමග ලංකාවට ආවේය. ඒ ආවේ එදා කොලඹ ජැටියෙන් නැව් නැගි පවුලේ විහිලුකාර බඩ පිස්සා හෝ අක්කලාගේ සුරතලා නොව හාත්පසින් වෙනස්වූ මිනිසෙකි.
ඔහු කා සමග හො කතා කලේ නැත. නිවසෙහි එලියෙන්වූ කාමරයක තනිව ජීවිතය ගත කලේය. ඔහු ආච්චී සමග කල එකම ගනුදෙනුව වූයේ සීයාගේ ව්යපාරයනගෙන් මාසිකව යම් මුදලක් ඉල්ලා ගැනීම පමනි. ලංකාවට පැමිනි පසු ඔහු ඉගෙන ගත්තේ නැත. රැකියාවක් කලේද නැත. ගෙදරින් ලැබුනු මුදලෙන් දිනය ඇරඹුමේ සිට අවසන් වනතෙක් අවන්හලෙන් අවන්හලට ගියේය. ඔහු ලංකාවට පැමිනිදා පටන් ඔහු කල එකම කටයුත්ත වූයේ මත්පැන් පානයය. බාප්පා ලංකාවට පැමිණි දා සිට දවස පුරා ඇවිදින්නේ එකම කුලී රථ කරැවෙකු සමගය. ඔහුගේ මෝටර් රථයට ගොඩවන බාප්පා දවස අවසානයේ අසිහියෙන් නැවත නිවසට පැමිණෙන්නේද ඔහු සමගය.
මාගේ මිත්‍රයාට දැනුම් තේරැම් ඇති කාලයේ එනම් හැත්තෑව මැද භාගයේ සිට ඔහුට බාප්පා වහ කදුරැ මෙන් වූයේය. දිනය පුරාම මත්පැනින් මත්ව නිවසෙහි අනෙක් සියල්ලන්ට රැවුම් ගෙරැවුම් කරමින් සිටින බාප්පා ඔහුට මහත්වූ කරදරයක් වූයේය. එදා කාගෙත් සුරතලා මේවන විට නිවසට එපාවූ නරැමයෙකු වී සිටියේය. නැන්දලා ඔහු සමග කතා කලේ නැත. ආච්චීත් සීයාත් මිය පරලොව ගොස් ඇත. ඔහු කතාකල එකම තැනැත්තා වූයේ ටැක්සි රියදුරාය. එහෙත් බාප්පාගේ ටැක්සියත් අසූ ගනන්වලදී ඔහුට අහිමි විය. ඒ ත්‍රිරෝද රථ නිසාය. බාප්පා සමග වසර විසිපහක් තිහක් එකට සිටි ගමන් සගයා තම රැකියාව අත හැරියේය. බාප්පා තම සුපුරැදු චරියාව ගෙන ගියද ඔහුට ගමන් සගයෙකු නොවුනේය. මත්පැන් පානය නිසාම වැහැරී ගිය සිරැර ගිලී ගිය ඇස් ඔහුගේ ජීවිතය අවදානම් බවට සාක්ෂි වූයේය.
කෙසේ හෝ මත්පැන් පානය නිසාම ඇතිවූ සංකූලතාවයන්ගෙන් බාප්පා මිය ගියේය. බාප්පා මිය යද්දී ඔහුට වයස හැට පහක් වන්නට ඇත. නැන්දලා සහ අනෙකුත් ඥාතීන් බාප්පාගේ අවසන කටයුත්තට සහාභාගීවුවද කිසිවෙකු ඔහු වෙනුවෙන් හැඩුවේ නැත. කිසිවෙකු ඔහු ගැන ගුණ කතා කීවේ නැත. සියල්ල කීවේ බාප්පාගේ මරණය බාප්පාට සහනයක් වූ බවයි. ඔවුන් නොකීවද එය ඔවුනටද සහනයක් වී තිබුනේය.
බාප්පාගේ අවසන් කටයුතු කල දවසේ බාප්පාගේ පැරණි ගමන් සගයා, කුලී රථ රියදුරා මල ගෙදරට ආවේය. ඔහු ලොකු නැන්දා සමග කතා කලේය. ලොකු නැන්දා අත කුඩා ලිපියක් තැබූවේය. ඒ බාප්පා ඔහුට දුන් ලියමනකි.ඒ ලිපියේ සඳහන් දුරකතනයට බාප්පාගේ මරණය දැණුම් දෙන්නට නැන්දාට කියන්නට බාප්පා ඔහුට කියා තිබුනේය. බාප්පා ඔහුට ලිපිය දී ඇත්තේ සෑහෙන කාලයකට පෙරය. ඔහු කුලී රථ රැකියාව කරන සමයේදීය. සියල්ලෝ ලිපිය විවෘත කලහ. බාප්පාගේ පෙම්වතියගේ නමත් ඇයගේ දුරකතන අංකයත් එහි විය. ඒ එක්දහස් නවසිය පනස් ගනන්වල ඈ සතුව තිබු දුරකතන අංකයකි.. සීයා විසින් බාප්පා ලංකාවට ගෙන ඇවිත් ඇත්තේ ඔහුගේ මේ පෙම්වතිය නිසාය. ඇය එරට වැසියෙකි. සුදු කතෙකි. සීයාට ලැබුනු තොරතුර එයයි. සීයා උරණ වූයේ ඔහුගේ පෙම්වතියටය. ඉන්පසු බාප්පා කිසිදා විවාහ වූයේ නැත. ඔහුගේ මරණය තෙක් ඔහු ඇයට ආදරය කර ඇත. ඔහු ඒ බවක් කා සමග හෝ කියා නැත. තම ප්‍රේම වියෝගය සමනය කල හැකි එකම ඖෂධය මධුවිත පමණක යැයි බාප්පා සිතන්නට ඇත.
ඒ දුරකතන අංකය භාවිතයේ තිබුනේ නැත. බාප්පාගේ ඉල්ලීම ඉටු කිරීමට ඒ නිසාවෙන්ම හැකිවූයේ නැත.
එදා ලංකාවට නැව් නගිද්දී ඔහු අතවූ දුරකතන අංකයට ඔහු කවදා හෝ කතා කර තිබුනේද නැත. කෙසේ හෝ ඔහුගේ එකම ඉල්ලීමද ඉටු නොවෙමින් අවසන ඔහු මිහිදන් වූයේය.
නීතිඥ උපුල් කුමරප්පෙරුම