ඔහු අසඩක්ය
ඇය ගෲෂාය
ඒ කරළිය තුලය. හුණුවටයේය
මේ මහා සමාජය තුළ අපි පෝෂණය ලැබුවේ ඔවුන්ගෙනි. ඔවුන් සිය අත් දිගුකර පෙන්වු මාවත වැටී තිබුනේ අපි ප්රාර්ථනා කළ ලෝකය දෙසටය. ඒ හරහාය. මේ සුන්දර මිනිසුන් මිය ගිය පසුවද ඔවුනගේ දැවැන්ත සෙවනැලි අපට කරණු ලබන අද්භුත බලපෑම කෙසේද යත් මේ අකුරුම ඊට සාක්ෂියකි.
ඔහු හෙන්රි ඡයසේනය
ඇය මානෙල් ඡයසේනය.
සිය සමාජ ඡිවිතය තුල ඔවුන් අපට යමක් දුන්නේද සිය පුද්ගලික ඡිවිතය තුළද ඔවුන් අපට යමක් දී තිබේ. ඒ ආදරයයි. මානෙල් හෙන්රිගේ අකමැත්ත නොතකා සිය ජීවිතය හැර ගියාය. කම්පාවෙන් ඒ ගැන සිතන හෙන්රි ඒවා මෙලෙස අකුරු කර තිබී අපට මුණ ගැසේ.
--------
සමු නොගතිමි
.
හිරු නැති ලොවක් වගේ
ඔබ නැති ගෙදරම මට
හිරු නැතත්
ඔබ සිටියි සැම තැනම
සිහින් සද එලියක් සේ
එදා මහ රෑ හදිසියේ
අමතකව ගිය ඇද පා මුල
මිරිවැඩි සගල
දෙපා පහස ලත් ඔබගේ
බලා සිටින්නා සේය
යළිත් ලැබෙන තුරු
ඔබේ ප්රිය පා පහස
දුරකථනය අසල
කුරුටු ගා ඇති ඔබ
ඉලක්කම් අතර
තිබේද කිසියම් අංකයක්
යළිත් ඔබ ඇමතිය හැකි.... ?
නිවන් සුව නොපතමි මිහිරිය
දිගු නිසා මා සසර බෝ සේ
ඉන්නවා නේද කරදරකාර මා හා
මතු අත් භව පුරා
පින් පිරෙන තෙක්
නිවන් දකින්නට
.
------- හෙන්රි ඡයසේන ----------
උපුටා ගැන්මකි