ලෝකයේ යම් තැනක ගැහෙන සමනල තටුවකට, ලෝකයේ තවත් තැනෙක සැඩ සුළගක් පවා ඇතිකරවන්න පුළුවන් කියල කෙනෙක් කියල තිබුණා. 1972 වර්ෂයේ දී එඩ්වඩ් ලෝරන්ස් කියල ඇමෙරිකානු ගණිතඥයෙක් ව්‍යාකූලතා න්‍යාය (chaos theory) තුළින් සමනල බලපෑම නැත්නම් සමනල ආචරණය විස්තර කරමින්, ඉතා කුඩා සිදුවීමක සංවේදී බලපෑමෙන් පසු අවස්ථාවක දී ඇතිවිය හැකි ඉතා විශාල බලපෑම ව්‍යුහාත්මකව එළි දක්වා සිටියා. ඒ කියන්නේ බ්‍රසීලයේ කැලෑවක පියාසලන සමනල තටු දෙකකින් ඇතිකරන වායු තරංගයකට පුළුවන් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගොබවලාවක් (tornado ) ඇති කරන්න.... වගේ දෙයක්.
මේ නෛසර්ගික ව්‍යුහය සාමාන්‍ය අපිට අධි සංකීර්ණ වුණත්, න්‍යායාත්මකව වගේම ආත්මිකව අපි කොයි කාටත් ගළපාගත හැකි තැනකට ගෙනෙන්න පුළුවන්. සලකා බැලෙන මුල් සිදුවීම ගැනිය නොහැකි තරමටම කුඩයි කියල හිතන්න. ඉන්පසු සහසම්බන්ධ වෙන හෝ නොවෙන සිදුවීම් සහ ඉතාමත් බරපතලයි කියල හිතෙන 'අවසන් සිදුවීම' ගලා ආ ආකාරය... ඔබේ ජීවිතේදී එහෙම දේවල් වෙලා තියෙනවද කියල ටිකක් හිතල බලන්න. අනිවාර්යෙන්ම ජීවිතේ බොහෝ දේ එහෙමයි.
සැබෑ සමනලයෙකුගේ පියාපතක්ම උදාහරණයට අරගෙන බලමු.
එක සීතල උදෑසනක සමනලයෙක් පියාඹා යනවා. ඒ ඇතිවෙන කම්පනයෙන් ශාක පත්‍රයක දැවටුණු පිණි බිංදුවක් බිමට වැටෙනනවා. ඒ හා සමාන්තරව වියළුණු ඵලයක බීජයක් බිමට වැටෙනවා. මේ බීජය හටගන්න අර වැටුණු පිණි බිංදුව මූලික ශක්තිය ලබා දෙනවා. මේ විදියට ටික කාලයක් යද්දී විශාල වැසි වනාන්නතරයක් නිර්මාණය වෙනවා. ඒ ආශ්‍රිතව තව කොපමණ දේ සිද්ධ වෙන්න පුළුවන්ද... මේ උදාහරණය ඉතා සරලයි සහ ලාමකයි කියල හිතුණද? එහෙනම් සමනල්ලු ගැන අමතක කරලා නැවත තමන් වෙත එන්න.
ඔබ වයස කීයක් වෙනකම් ජීවත් වෙන්න කැමතිද? අවුරුදු 70 ක්, 80 ක්, 100 ක්. එහෙනම් මෙතන ඉඳලා ඔබට තව අවුරුදු කීයක් ඉතිරිවෙලා තියෙනවද ජීවත් වෙන්න. ඒ වගේම මේ ජීවිත කාලේදී කරන්න බලාපොරොත්තු වුණු දේවල්, බලාපොරොත්තු වෙන දේවල් කොයිතරම් දුරට ඉෂ්ඨ කරගෙන තියෙනවද කියලා. තව කරන්න ඉතිරිවෙලා තියෙන දේවල්වලට ඉතිරිවෙලා තියෙන ජීවිත කාලය ඇති වෙයිද කියලා නිකමට කල්පනා කරල බලන්න. එහෙම හිතුවොත් කාලය කියන දේට තියෙන වැදගත්කම සහ වටිනාකම වෙනස් විදියටකට දැනෙන්න ගනීවි. මේ ගෙවෙන මොහොතේ අපි කරන දෙයක්, හිතන දෙයක්, සලකා බැලීමක් නැතිනම් නොසලකා හැරීමක් අනාගතේ දවසක හිමිවීමකට හෝ අහිමිවීමකට ඇති කරන බලපෑම මොනතරම් ද කියන දේ කෙනෙක්ට තේරෙන්නේ අද නෙමෙයි, එදාට.
තවත් උදාහරණයක් අරගෙන බලමු. කෙනෙක්ට යම්කිසි දෙයක් අහිමි වෙනවා. ආදරවන්තිය කියලා හිතන්න. අහිමිවීමකින් පස්සේ ඇතිවෙන්නේ රිදීමක්. ඉන්පස්සේ ක්‍රියාකරන්නෙත් රිදීම පසුපස යමින්. ඒ රිදීම හේතුකරගෙන ඉන්පස්සේ හමුවෙන තවත් දේ අහිමිවෙන්න පුළුවන්. අධ්‍යාපනය, සහෘදයෝ, රැකියාවේ ශක්තිමත්භාවය වගේ. තවත් ටික කාලේකදී හිතෙන්න පුළුවන් ඒ දේ අහිමිවුණු එක හොඳයි කියලා. ඒත් ඒ වෙද්දි තවත් නොපෙනෙන බොහෝ දේ මගහැරිලා තියෙන්න පුළුවන්. කාලය ගතවෙලා ගිහින්. මේ සියල්ල සිදුවෙන්නේ රිදීම හමුවේ සිදුවුණු සිදුවීම් මාලාවකින් පස්සේ, ඒ ඔස්සේ නිර්මාණය වුණු දේවල් පසුබිම් කරගෙන. සමහරවිට මේ දේවල් ඉතා කුඩා වෙන්නත් පුළුවන්.
අනෙක් අතට, අහිමිවීම කියන දේ පසුකාලීනව ඉතා සුන්දර විදියට බලපාන්නත් පුළුවන්. එහෙම වෙන්නෙත් අඩු වැඩි වශයෙන් ඉතා කුඩා යැයි ගැනිය හැකි තීන්දු තීරණ සහ තත්ත්වයන් නිසා. සමහරවිට අපිට දැනෙන්නෙත් නැති වෙන්න පුළුවන් අපි කියන කරන දේවල්වල වැදගත්කම. කෙනෙක් කියාවි සමහර දේවල් තීරණය වෙන්නේ මානසිකත්වය මත කියලා. පුද්ගලභාවය, දෛවය, කර්මය වගේ දේවල් මතයි කියලා. ඒ සියළු දේට බලපාන්නෙත් තමන් තුළ සහ තමන් අවට සිදුවන සිදුවීම්. වර්තමානයේ සිද්ධ වෙන ඉතා කුඩා සිදුවීමක්වත් නොසලකා හැරිය නොයුත්තේ ඒ නිසයි. අපිට පේන්නේ දැනන්නේ සාමාන්යමයෙන් ලොකු දේවල් විතරයිනේ. ඒත් සමනලයෙක් තටු සැලීමක් වගේ දෙයක්, දවසක ලෝක යුද්ධයක් බවට පත්වීම, සිද්ධ වෙන්න පුළුවන් දෙයක් බව අපිට පිළිගන්නම වෙනවා. ඇහිපිය ගැහිල්ලකින් හොඳ හෝ නරක විදියට කණපිට හැරුණු එහෙම උදාහරණ ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් තිබෙනවා. වැඩිය දුර යන්නට අවශ්යු වෙන්නෙත් නැහැ. ලංකාවේ ජාතිවාදී යුද්ධය ඇතිවුණු විදිය නිකමට හොයල බැලුවොත් ඒ ඉතා කුඩා සිදුවීමක් නිසා බව පෙනේවි. ඒ විතරක් නෙවෙයි, ඒ ආසන්න කාලයේදීම ඉතා කුඩා වචනයකින් හෝ ක්‍රියාවකින් අවුරුදු තිස්ගාණක් දුර යා නොදී බේර ගන්නත් තිබුණා. එහෙම වුණා නම් අද ලංකාව මොන වගේ වේවිද? සමහරවිට මීට වඩා සුන්දර වේවි. නමුත් කාලය ගතවෙලා ගිහින්. අපිත් මොහොතින් මොහොත වයසට යනවා.
ඉතින් ඒ නිසා, මේ මොහොත ගැන, මේ මොහොතේ දැනෙන කම්මැලිකම ගැන පවා සිහියෙන් ඉන්න. සමහරවිට ඔබේ කම්මැලිකම නිසා වටිනා ගණුදෙනුකරුවෙක් මගහැරේවි. කම්මැලිකම නැතිව ටිකක් එළිපහළියේ ඇවිදින්න ගියොත් සුන්දර තරුණියක් මුණ ගැසේවි. අළුත් චිත්‍රපටියක් බැලුවොත් ඔබේම කියන නිර්මාණයකට ලැබෙන තල්ලුවෙන් දවසක ඔබ සම්මානනීය නිර්මාණකරුවෙක් වේවි. ජීවිතේ ඉතින් එහෙම තමයි...
GO - Guys