කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය 03 වෙනිදා නිමාව දුටු 34වෙනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී 2016 වසර වෙනුවෙන් වු කිරුළ දැරීමට ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කල සහ මහරාජා එන්ටර්ටෙයින්මන්ට් ආයතනය නිෂ්පාදනයන කල ‘මෝටර් බයිසිකල්’ සිනමාපටය සමත් විය.
2016 වර්ෂයේ මෙරට තිරගත වූ සිනමාපට 25 ක් අතුරින් සිනමාපට 08 ක් පෙරේදා දින උළෙලේ පිරිනැමූ ජූරි සම්මානයන් 26 කට සහ එක් ජනප්‍රිය සම්මානයකට හිමිකම් කියූ අතර, එහිදී 2016 වසර වෙනුවෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවකින් (07 ක්) පිදුම් ලැබූ සිනමාපටය බවටද ‘මෝටර් බයිසිකල්’ සිනමාපටය පත්විය.එහි දෙවෙනි තැන සෝමරත්න දිසානායකගේ 'සරිගම' සිනමාපටයටත් , තෙවෙනි තැන ප්‍රියන්ත කොළඹගේගේ 'ආදරණීය කතාවක්' සිනමාපටයටත් හිමිවිය.
2016 වර්ෂයේ තිරගත වූ සිනමාපට අගයනු වස් පැවති තෙවෙනි සිනමා සම්මාන උලෙළ මෙය වූ අතර ,මින් පෙර පැවති දෙරණ සහ සිග්නීස් සම්මාන උළෙලයන්හිදී සම්මාන ලද බොහෝදෙනෙකුට මෙම උළෙලේ ජූරිය විසින් ලාබා දුන් ජූරි තීරණ මත සම්මාන අහිමිව ගිය අතර , එහිදී දෙරණ , සිග්නීස් හා සරසවි යන ජූරි මණ්ඩල ත්‍රිත්වය හමුවේම වෙනසකට බඳුන් නොවූ එකම සම්මානය වූයේ ''හොඳම සංස්කරණය-තිස්ස සුරේන්ද්‍ර -මෝටර් බයිසිකල්' යන සම්මානය පමනකි. මෙහිදී දෙරණ සම්මාන උලෙළේදී 'මෝටර් බයිසිකල්' වෙනුවෙන්ද ,සිග්නීස් සම්මාන උලෙළේදී 'සයපෙති කුසුම' වෙනුවෙන්ද 'හොඳම නළුවා' සම්මානයෙන් පිදුම් ලද දසුන් පතිරණ හට මෙම සම්මාන උලෙළේදී එකී සම්මානයෙන් පිදුම් ලැබීමේ අවස්ථාව හිමිවුවද , 'ඇගේ ඇස අග' වෙනුවෙන් පෙරකී සම්මාන උලෙළයන් ද්විත්වයේදීම සම්මානනීය වූ ස්වර්ණා මල්ලවාරච්චිහට, සරසවි සම්මාන උලෙළේදී 'හොඳම නිළිය'' සම්මානය අහිමිව යාම කැපී පෙනුනි. මෙහිදී එකී සම්මානය 'සරිගම' සිනමාපටයේ රංගනය වෙනුවෙන් පූජා උමාශංකර් වෙත පිරිනැමුනේ, මෙරට සම්මාන උලෙළකදී ඇය 'හොඳම නිළිය'' සම්මානයෙන් පිදුම් ලද පළමු අවස්ථාව මෙන්ම සරසවි සම්මාන උලෙළක 'හොඳම නිළිය'' සම්මානයෙන් පිදුම් ලද 20 වෙනි රංගන ශිල්පිනිය ලෙසින්ද ඉතිහාසයට එක්කරලමිනි.
2016 සම්මාන විසිරීම----
මෝටර් බයිසිකල්- සම්මාන 07/ සරිගම- සම්මාන 06/ ආදරණීය කතාවක්- සම්මාන 05/ ඇගේ ඇස අග- සම්මාන 03/ සයපෙති කුසුම- සම්මාන 03/ උසාවිය නිහඬයි- සම්මාන 01/ ZOOM- සම්මාන 01/ පත්තිනි- සම්මාන 01
උළෙලේ ප්‍රධාන ජූරිය-----
ගාමිණී වේරගම (සභාපති)/ බුද්ධදාස ගලප්පත්ති / තිලකරත්න කුරුවිට බණ්ඩාර/ වසන්ත කොටුවැල්ල/ අරුණ ලොකුලියන/ සමන්තිකා ප්‍රියදර්ශනී/ රෝහණ වෙත්තසිංහ
2016 ප්රණාම සිනමා සම්මාන ඛාණ්ඩය------
•රණ තිසර සම්මානය: රොබින් ප්‍රනාන්දු / සුවිනීතා වීරසිංහ
•රණපාල බෝධිනාගොඩ සාහිත්‍ය සම්මානය:ලක්ෂ්මන් වික්‍රමසිංහ
ජනප්‍රිය සිනමා සම්මාන ඛාණ්ඩය----
•වසරේ ජනප්‍රියම සිනමාපටය (Blockbuster Movie of the Year- 2016 ): පත්තිනි - (අදායම රුපියල් කෝටි 21)
2016 විශිෂ්ටතා සිනමා සම්මාන ඛාණ්ඩය-------
•හොඳම චිත්‍රපටය (Best Picture): මෝටර් බයිසිකල්
•හොඳම සිනමාකර්ශණීය සිනමාපටය: ආදරණීය කතාවක් (ප්‍රියන්ත කොළඹගේ)
•හොඳම අධ්‍යක්ෂකවරයා (Best Director): අශෝක හඳගම (ඇගේ ඇස අග)
•හොඳම තිරරචනය (Best Screenplay): ශමීර රංගන (මෝටර් බයිසිකල්)
•හොඳම නළුවා (Best Actor): දසුන් පතිරණ (මෝටර් බයිසිකල්)
•හොඳම නිළිය (Best Actress): පූජා උමාශංකර් (සරිගම)
• හොඳම නිළිය සඳහා වූ ජූරියේ විශේෂ සම්මානය (Special Jury Award for Best Actress): රිතිකා කොඩිතුවක්කු (ඇගේ ඇස අග)
•හොඳම සහාය නළුවා (Best Supporting Actor): බිමල් ජයකොඩි (ආදරණීය කතාවක්)
•හොඳම සහාය නිළිය (Best Supporting Actress): ගයනි ගිසන්තිකා (සරිගම)
•හොඳම නැගීඑන නළුවා (Best Upcoming Actor): ජෙහාන් අප්පුහාමි (සයපෙති කුසුම)
• හොඳම නැගීඑන නිළිය (Best Upcoming Actress): යශෝධා රසදුනි (සයපෙති කුසුම)
•හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography): විශ්ව බාලසූරිය (සරිගම)
•හොඳම සංස්කරණය (Best Editing): තිස්ස සුරේන්ද්‍ර (මෝටර් බයිසිකල්)
•හොඳම ශබ්ද සැලසුම්කරණය (Best Sound Design): අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සරිගම)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score): අජිත් කුමාරසිරි (මෝටර් බයිසිකල්)
•හොඳම කලා අධ්‍යක්ෂණය (Best Art Direction): සුනිල් විජේරත්න/අසංක නීලවතුර (සරිගම)
•හොඳම වේෂ නිරූපණය (Best Make up): විදුර අබේධීර (සරිගම)
•හොඳම ගී පද රචනය (Best Lyrics): ශමීර රංගන- හීනත් අරන් එන්න (මෝටර් බයිසිකල්)
•හොඳම පසුබිම් ගායකයා (Best Singer- Male): අජිත් කුමාරසිරි - අම්මගේ මාලේ (මෝටර් බයිසිකල්)
•හොඳම පසුබිම් ගායිකාව (Best Singer- Female): කුෂානී සඳරේඛා - සිතුවිලි පුරා (ආදරණීය කතාවක්)
•ජූරියේ විශේෂ සම්මානය (Special Jury Award): උසාවිය නිහඬයි (ප්‍රසන්න විතානගේ)
2016 කුසලතා සම්මාන ඛාණ්ඩය-----
•සඳලි හඳගම ('ඇගේ ඇස අග' හී රංගනය වෙනුවෙන්)
•ශේෂාද්‍රි ප්‍රියසාද් ('ZOOM' හී රංගනය වෙනුවෙන්)
•භූමි හරේන්ද්‍ර ('සයපෙති කුසුම' හී රංගනය වෙනුවෙන්)
•මංජුල අයගම ('ආදරණීය කතාවක්' හී කලා අධ්‍යක්ෂණය වෙනුවෙන්)
•උදාර සමරවීර ('ආදරණීය කතාවක්' හී සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන්)
තිරගත නොවූ කුළුදුල් සිනමාපට ඇගයීම උදෙසා වූ සම්මාන ඛාණ්ඩය- 2016---
ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මාන ජූරිය-----
ප්‍රසන්න විතානගේ/ අශෝක හඳගම/ විමුක්ති ජයසුන්දර/ අනෝමා රාජකරුණා/ උදයකාන්ත වර්ණසූරිය/ බූඩී කීර්තිසේන
- •හොඳම සිනමාපටය උදෙසා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය: දැකලා පුරුදු කෙනෙක් (මලිත් හෑගොඩ)
•ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරියේ විශේෂ සම්මානය : බහුචිතවාදියා (මාලක දේවප්‍රිය)
සටහන - උදිත ලක්මාල් කහඳවාරච්චි