මෑත කාලීනව ආසියාවෙ ප්රගතිශීලී ම නඩු තීන්දු ලබාදීම පිළිබඳ හොඳම රට වෙන්නෙ 'ඉන්දියාව.' ඉන්දියාව ඒ අතින් මාර තැනක ඉන්නෙ.
ඉන්දියාවෙ මේ වෙනසට බලපාපු මුදුන් මුල තමයි, 'මහජන සුබසාධක නඩුකර.' මේ නඩුකර හරහා, මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙච්ච ඕනිම අවස්ථාවක සාමාන්‍ය ජනතාවට පවා පුළුවන් කිසිම මුදලක් වැය නොකර විනිසුරුවරු අමතලා ලිපියකින් තමන්ට වෙච්ච අසාධාරණය සහ අවශ්‍ය සහන දන්වන්න. මේ උත්තම සහනය දුප්පත් මිනිස්සුන්ට , වැඩකරන ජනතාවට උරුම කරලා දුන්නේ , 'භගවතී සහ ක්‍රිශ්න අයියර්' කියන විනිසුරුවරු දෙන්නා.
එක වෙලාවක ඔවුන් හරි ලස්සන ප්‍රකාශයක් කළා , 'මෙච්චර කාලයක් ධනවතාට පමණක් ඇතුල් වෙන්න හැදිලා තිබිච්ච නීතියේ පියස්ස ඔන්න අපි සමාජෙ පහළම අඩියෙ ඉන්න හිතවතාටත් උස් කළා' කියලා. ඒක හදවතට දැනෙන නීතිමය ප්‍රයෝගයක් !
මෑත මේ වසරෙ ආගම්වාදීන්ට, ජාතිවාදී ප්රවේශයන්ට කන පැලෙන නඩු තීන්දු ලබාදෙන්න ඔය භගවතීලගෙ අඩිපාරෙ යන 'දීපක් මිශ්රා' පුදුම තරම් සේවයක් කරනවා. ඔහුට සිනමාව, ගීතය, ජීවිතය සහ ආදරය වගේම නීතිය ගැනත් පිස්සු හැදෙන සුළු අවබෝධයක් තියෙනවා. මේ කුඩා කොදෙව්වෙ ලොකු ලොක්කන්ට නැත්තෙම ඒක. අන්න ඒකයි නිර්මාණ අභිබවා වාරණය කියල සර්පයෙක් හැම වස්ත්‍රයක් අස්සටම රිංගන්නෙ.
ඉතිං අද වගේ දවසක මේ 'දීපක් මිශ්රා' විනිසුරු ප්රමුඛ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලකින් 'සමකාමී අයිතිය' මූලික මිනිස් අයිතිවාසිකමක් හැටියට ඉන්දියාව තුළ නීතිගත කරනවා. පෙත්සමකින් පටන් අරන් තියෙන ඒ රෝස අරගලය අද වෙනකොට රතු පාටින් ජයග්‍රහණය කරලා තියෙනවා.
දැන් එහෙ මිනිස්සු, මිනිස්සු හැටියට දකින්න ඉඩ හසර විවර වෙලා. දැන් ඉන්දියාව ඇතුළෙ ආදරණීය ශරීර වලට බය නැතුව හිත පුරා තොල් පුරා උණු උණු හාදු තවරන්න පුළුවන් !
අනේ අපි කවදාක පීනමු ද ඒ ගඟේ ...?
| කසුන් මහේන්ද්‍ර හීනටිගල