නොවැම්බර් 24 ෆේස්බුකියේ බොහෝ අය උපන්දින සුබ පැතුම් එක් කර තිබුනේ අනුර කුමාර දිසානායක වෙතය. ඊට ප්‍රධාන හේතුව වූයේ ඊට ආසන්නයේම ඔහු විසින් පාර්ලිමේන්තුවෙදී කළ කතාව නිසාය.අනුර සහෝදරයාට සුබ පැතුම් එක් කළ අය අතර සන්නස්ගල ද විය. මේ ඔහු අනුරට ලියූ සුබපැතුමයි.
හිතවත් අනුර;
ඔබ පාර්ලිමේන්තුවේ කළ කතාව සම්පූර්ණයෙන් ම ඇසීමි. මේ රටේ පුරවැසියන් නියෝජනය කරන නන්නත්තාර පාර්ලිමේන්තු කාන්තාරයේ වෙඬරු ගසත් වනස්පති මහා රුක්ෂයක් ය.මේ මොහොතේ මට ඔබව පේන්නෙ එහෙම ය.
අද ඔබේ උපන් දිනය .
ලෝකය, ලෝක සංස්කෘතිය පමණක් නො ව නිදහස් කාමී අලුත් ජෙනරේශන් එක ජවිපෙ නියෝජනය කරන අතීතකාමි සමාජවාදයට බොහෝ ඉදිරියෙන් පවතින්නක්.අද දියුණු මිනිස් අරගල බොහෝ ප්‍රමාණයක් දිනා ඇත්තේ කුඩා මිනිස් කණ්ඩායම් කළ දැනුවත් ,දියුණු විද්‍යාත්මක දැනුම මුල් කරගත් අරගල වල ප්‍රතිඵලයක් ලෙස.පරිසර සංවිධාන,ඉන්දියාවේ පින්ක් ව්‍යාපාරය ,සමරිසි අයිතීන් දිනාගැනීම ව්‍යාපාර ,ආගමික හා ජාතිවාදි මිසදුටු ගෝත්‍රික රාජ්‍ය සම්බන්ධතාවලින් මිදුණු අවස්ථා වර්තමාන ලෝකය ඉව කරන්නේ නම් අපට නිරීක්ෂණය කළ හැකියි.
රාජ්‍ය හා බැදුණු ආගම හා ජාතිය රටක විනාශයට මිස දියුණුවට ඉවහල් නො වේ . ජවිපෙ අපට පෙන්වන අරක්කු සිගරැට් නො බොන මැයි රැලි,ව්‍යාජ ඊනියා ලිංගිකත්වය ,ප්‍රදර්ශනාත්මක මතුපිටක් පමණක් බව අපි දනිමු.පංසල්වලට ලවුඩ්ස්පීකර් බෙදමින්,කලා සාහිත්‍යය වාරණයන්ට එරෙහිව ඉදිරිගාමී ලෙස මැදිහත් නොවෙමින්.ආගමික මූලධර්මවාදීන් ට පහර නොදෙමින්,පට්ට ගෝත්‍රික සාස්තර යන්ත්‍ර මන්ත්‍ර හොරුන්ට පහර නොගසමින් ,විශ්වවිද්‍යාලයයන් තුළ දිගින් දිගටම නවකවදය පවත්වාගෙන යමින් කළ හැකි දියුණු දේශපාලනය කුමක්ද මිත්‍රයා ?
අප තුළ පෙර වැරදි තිබිය හැකිය .ස්වං පාපොච්චාරණ පිළිබඳ ව අපට ඉගැන්වුයේ ද ජවිපෙම ය.
අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයාට වඩාත් දියුණු මිනිස් අරගලයක් කරන්නට හැකි නිදහස් මිනිස් අවකාශයක් පිළිබඳ නව චින්තනමය අදහස්
පහළ වන්නේ නම් ,බොහෝ මිනිසුන් ඔබට එකඟව හෙට දින පෙරට එනු ඇත.එසේ නොවේ නම් ඔබේ පාර්ලිමේන්තුව කතාව මාරයි කීම ගැලරිය පිනවීමකට ලඝු වනු ඇත.
මේ මගේ උපන් දින සුබ පැතුම පිළිගන්න.
උපුල් ශාන්ත සන්නස්ගලගේ ෆේස්බුක් පිටුවෙනි