ලක්ෂගානක් වියදම් කරලා මගුල් ගෙවල් අරන් සතුටින් ජීවත්වෙන්න හදපු හුගක් අය අතර නළු නිළියොත් හිටියා. එහෙම වියදම් කරලා මගුල් ගෙවල් අරන් සතුටින් ජීවත්වෙන්න බැරුව හුගක් දෙනෙක් දික්කසාදවෙලා....දෙවැනි පාරටත් කසාද බැන්දා... ආයෙත් ගියා.... ආයෙත් බැන්දා.
සුලෝචනා වීරසිංහ සම්මානණීය රංගන ශිල්පිණියක්. ඇය දක්ෂ රංගන ශිල්පිණියක්. වේදිකාව සිනමාව රූපවාහිනිය තුළින් සිය අනන්‍යතාව ගොඩ නගාගත් රංගන ශිල්පිණියක් වගේම ඇය කැළණිය සරසවියේ උපාධිදාරිණියක්. සුලෝචනා කසාද බැන්දෙ ලක්ෂගණන් සල්ලි වියදම් කරලා නෙමේ. සද්ද නැතුව.
චානකත් එක්ක එක ගෙදරක ජීවත්වුන සුලෝචනා හැම දෙයක් දිහාම බැලුවෙ බොහොම ආදරෙන් සතුටින්. රංගනයට අමතරව ඇය රජයේ රැුකියාවකද නියුතු කෙනෙක්. රැුකියාවත් රංගනයත් සමබර ලෙස කරමින් පටන් ගත් අලුත් ජීවිතයේ බර ද අදිමින් ඇය සතුටින් ජීවත්වුනා.
මේ සටහන අපි තියන්නේ සුලෝචනා එයාගෙ ආදරණීය චානක ට ලියපු ෆේස්බුක් සටහනක් නිසා. ඇය තමන්ගෙ සැමියට දක්වන ආදරය නිසා. ඔහුට දෙන ආත්මීය ශක්තිය නිසා. මේක ආදර්ශයක් . පුංචි තැනක ඉඳලා හෙමින් හෙමින් ගමනක් යන තමන්ගෙ ආදරණීය සැමියට මේ විදිහට ශක්තියක් වෙන්න හැමෝටම පුළුවන්නම් කොච්චර හොඳද. කන්න නැතිවෙනකොට, රස්සාවෙ උසස්වීම් නැතිවෙනකොට, සල්ලි නැතිවෙනකොට,ආර්ථික ප්‍රශ්න එනකොට ඉහළට යන්න උවමනාවක් නැතිවෙනකොට බිරින්දෑවරු කීදෙනෙක් තමන්ගෙ සහකාරයව ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරනවද?අවලාද නගනවද?
සුලෝචනා බොහොම සංයමයකින් චානක වෙනුවෙන් තියපු ඒ සටහන ඔබත් කියවන්න. සුලෝචනා මේ සටහන තිබ්බෙ චානක පසුගිය 25 දා සිට විකාශය වීම අරඹන ලද රාවන ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ලැබීම නිසයි.එය චානකගේ ජීවිතයේ සන්ධිස්ථානයක්.
ජීවිත ඇතුලෙ අනෙකාව දිරි ගන්වන්නෙ කොහොමද ආදරේ කරන්නෙ කොහොමද සතුට තියෙන්නෙ කොතැනද කියන එක හරිම සරලව හොයාගන්න පුළවන් .
මේ ඇරඹුමයි - යා යුතු මග දුරයි...
මෙතෙක් ඔයා ආ ගමන හෙමින් ආ එකක් වුවත් ඒ මාවත ගැන හොදින්ම දන්නා මට ඔයා ගැන මේ මොහොතේ මෙහෙම දෙයක් ලියන්න හිතුණා.
ඔයත් එක්ක Field එකට ආ ගොඩක් දෙනෙකුට ඔයාට කලින් ටෙලිවිෂන් එකේ මේ Tittle එක ලැබුණා.එත් ඔයා කවදාවත් මේ Tittle එක ඉක්මනට ගන්න දැගළුවේ නෑ.ඔයාට වැඩ කරන්න අවස්ථා තිබුණා.ඒත් ඔයා බලාගෙන හිටියා.නිකන් බලාගෙන හිටියේ නෑ..ඔයා වැඩ කලා..ඔයා මහන්සි වෙලා වැඩ කළා..Crew එකේ ඉන්න අනිත් අයටත් වැඩ කරන්න ආස හිතෙන විදිහට ඔයා වැඩ කළා..මට ඔයාව හම්බෙන කොට ඔයා හරිම ජවයකින් වැඩ කරන (ශරීර කූඩුව පොඩි වුනත්) ආලෝකකරණ ශිල්පියෙක්..සමහර අයට අනුව "ලයිට් අල්ලන" කොල්ලෙක්.වෙලාවකට ඔයා sound recording කළා Boom දැම්මා ඊ ලගට Camera assistant..ඔයා කැමරා ඇසිස්ටන් වුන කාලේ වැඩ නැති වුනාම ඔයා ආයෙත් සවුන්ඩ් රෙකොඩින් වලට යන්න හදනකොට ඒක මම නැවැත්තුවා..Digital film academy එකේ HND කරන්න ඔයාට Application එක දාලා ආව වැඩ ටිකට යන්න නොදී class යැව්වා..ඒ වැඩ ටික කලානම් ඔයාට මේ ටයිට්ල් එක ලැබිලා ගොඩක් කල්.එතන අවුරුදු 2 හමාරක්..දැන් ඔයා University of Vocational Technology පළමු වසර ශිෂ්‍යෙයක්.ඔයා Degree එක ඉවරකර ගනීද කියලානම් මම දන්නේ නෑ.නමුත් ඒ අධ්‍යාපනය ඔයාව ගොඩක් දුර අරගෙන යාවී..
ඔයා මේවෙනකොටත් වැඩ කීපයක්ම කැමරාකලා.එත් මේ වගේ ටෙලිවිශන් වැඩක්ම කරන්න ඕන කට්ටියට ටිකක් දැනෙන්න..කුලයාත් එක්ක වැඩ කරන එකත් හය්යක්..දෙන්නාම Digital film academy එකේ වීම ගැනත් සමකාලීනයෝ සතුටු වෙනවා ඇති..හැමෝටමත් වඩා ඔයාගේ මනුස්සකම,සන්වේදීකම ( මගේ ආදරය ගැන දැන් එතරම් සන්වේදී නොවුනත්) අදනම් ගෙදර ඉන්නවාමයි කියලා හිතාගෙන ඉන්න දවස් වලත් හවස 7 විතර වෙනකොට මිත්‍ර සමාගමෙන් මදුවිතට එන ඇරයුම් ප්‍රතික්ෂේප කිරීමට නොහැකිව මා රිදවා මිතුරන්ම සනසන ඔයා ගැන හැමෝම කියන හොද ....
ආදරණීය චානූ.....සතුටුයි මට..ඒත් මෙය නෙවෙයි තැන...ගොඩක් වැඩ කරන්න ඕනේ නෑ.ඒත් කරන වැඩේ ගැන තවත් තව තවත් ඉගෙන ගන්න..ඔයාම ඕනේ කරන තැනට එන්න ගොඩක් මහන්සි වෙන්න..මම හැමදාම ඔයාට මගේ හිතේ හය්ය දෙන්න පොරොන්දු වෙනවා..( මම ඔයාත් එක්ක ඉන්නතාක් කලුත් ඊට පස්සෙත්...❤️ )