“මම ඔබට කියන්න ඕන යුද්ධය කියන්නෙ ආණ්ඩුවකට අතිශය භයංකාර දෙයක් නෙවෙයි. මොකද ඒ ගොල්ලො සාමාන්‍ය ජනතාව වගේ අතපය අහිමි කරගන්නෑ, තුවාල වෙන්නෙ නෑ ඝාතනය වෙන්නෙ නෑ”
“ඒක හරි මිස් මේරි කොල්වින් !, ඒත් මට කියන්න ඔබට මේ මුහුදු මංකොල්ලකාර ඇස් පළදනාව ලැබුනෙ කොහින්ද ?”
“සම්පත් දූපතෙන්”
“ඒ කිව්වේ?”
“ශ්‍රී ලංකාවෙන්”
Matthew Heinemanගේ A Private War
මම මේරි කොල්වින් මම වැඩකරන්නෙ බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පත්තරේ විදේශ මාධ්‍යවේදිනිය විදිහට. දවසක් පත්තරේ ප්‍රධාන සංස්කාරක ෂෝන් මට මෙහෙම කිව්වා.
'' හේයි මේරි මට ඔන ඔයා මේ වෙලාවෙ පලස්තීනයේ ඉන්නව දකින්න ''
'' ෂෝන් ඊට වඩා අපිව අවශ්‍ය ශ්‍රී ලංකාවට. මොකද එහෙ වෙන දේවල් කවුරුවත් දන්නෙ නෑ ''
'' ඔයාට එහෙ යන්න දෙන්න බෑ ශ්‍රී ලංකා ආණ්ඩුව යුධ කලාපය ඡනමාධ්යවේදීන්ට තහනම් කරල අවුරුදු 6 ක්.''
'' ෂෝන් එහෙ දහස් ගණන් දරුවො මැරෙනව හාමතේ ෂෝන් '' මම හෙට ලංකාවෙ
වන්නි ප්‍රදේශය ශ්‍රී ලංකාව.
'' අවංකව මාධ්‍යට ලියන කෙනෙක් ගැන ඔබට තියෙන්නෙ කීර්තිමත් නමක් මිස් කොල්වින්. ඔබතුමිය කියන දෙයක් ලෝකයා අහනව.'' ඔබතුමිය ලෝකයට කියන්න ඕන ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ජනතාවට කරන පීඩාව හා අසාධාරණය ගැන. ඒ වගේම LTTE සංවිධානය ඉන්නෙ දේශපාලන එකගත්වයකට කැමත්තෙන්. අපි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ දෙමළ ජනතාවටත් සමාන අයිතිවාසිකම් ''
'' මට ඒක කරන්න බෑ මිස්ට තමිල් චෙල්වම් ''
'' එහෙනන් ඔබතුමිය මොකටද මෙහාට ආවේ ? ''
'' මේ බලන්න මට ඒව හරි ගස්සන්න බෑ . යමෙකුට අයිතිවාසිකම් නෑ කියනදේ ඔබේ රටේ යටත් විජිත පාලන කාලෙ ඉදන් පැවත එන්නක්. මම මෙහාට ආවෙ මෙහේ ඉන්න මිනිස්සු බාගයක් හාමතේදැයි හොයන්න. තවත් කොටසක් ලෙඩ රෝගවලින් මියයනව ද බලන්න. පොඩි දරුවො හාමතේ මිය යනව ද බලන්න. ඒ වගේම ඔබ දන්නව තමිල් චෙල්වම් මහත්මයා ශ්‍රී ලංකා ආණ්ඩුව යුධ කලාපයට ලැබෙන ජාත්‍යන්තර ආධාර සීමා කරලයි තියෙන්නෙ. නමුත් ඒ ලැබෙන පොඩ්ඩත් ඔබේ සංවිධානය හොරකම් කරනවද කියල හොයන්න.''
මේරි කොල්වින්ගේ ඒ වචන පෙල තමිල් චෙල්වම්ගෙ ඇය ගැන තිබුණ ප්‍රතිරූපයට සහ මුලින්ම වෙනස් එකක් බව ඇය දැනන් සිටියෙ නෑ. ඒකෙ ප්‍රතිපලය වුනේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ වන්නියට ගෙන්වා ගත් ඇයව LTTE සංවිධානය නිසි ආරක්ෂාවක් නොමැතිවම ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලන ප්‍රදේශයට හැර ලීමයි. ඇය ඒ වෙලාවෙ අහනව අපි ආරක්ෂිත නෑ නේද කියල. එවිට LTTE සාමජිකයන් උත්තර දෙන්නෙ . මේක තමයි යන්න පුලුවන් එකම පාර කියල. එහෙත් ඇයව එක්කන් යන්නෙ මහ රාත්‍රියේ එලිමහන් බිමක විවෘතව. ශ්‍රී ලංකා හමුදාවේ කටටම. මොහොතකින් ඇය වෙඩි කාල බිම වැතිරෙනව. නමුත් දෛවය ඇයට ජීවිතය අහිමි නොකර එක් ඇසක් අහිමි කරනව. තමිල් චෙල්වම් බොහෝ දුරට අපේක්ෂා කරන්න ඇත්තෙ මේ ජාත්‍යන්තර මාධ්‍යවේදිනිය ශ්‍රී ලංකා හමුදාව අතින් මිය යා යුතුයි කියල වෙන්නත් ඇති ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව ඉන් ලබන අප්‍රසාදය ඔහු බලාපොරෙත්තුවෙන් ඉන්න ඇති..
ඇය ඊට පස්සෙ යන්නෙ ඉරාකයට. ඇෆ්ඝනිස්තානයට, ලිබියාවට. මාරි කොල්වින්ගෙ අවසාන යුධ වාර්තාකරණය තමයි සිරියාව. ඇය එක් ඇසක් අන්ධවුනාට පස්සෙ නැවත යුධ පෙරමුණට යන්නෙ හිතේ ඇති ධෛර්යට මිසක් හදවතින් නෙවෙයි. ඒ ධෛර්ය එයාට දෙන්නෙ 2001 දි හොදම විදේශ වාර්තාකාරිය බ්‍රිතාන්‍ය රාජ්‍ය සම්මානය.
ඇය සිරියාවෙදි මෙහෙම ලියනව.
'' අපි සැබෑ මාධ්‍යවේදින් ලෙස යුද්ධයේදි කළ කී දෙවල් වලට හා මනුෂ්‍ය සංත්රාසයට එඩිතරව මුහුණ නොදුන්නොත් සත්‍ය කුමක්දැයි මිනිසුන්ට දැන ගැනීමට කිසිවිටෙක නොහැකි වනු ඇත. එවිට සත්‍ය වසන්කරනාවුන්ට එය ජයග්‍රහණයක් වී සත්‍යවාදියා පරාජය වනු ඇත. වෙඩි තබන්නේ කවුරුන්ද යන්න වැදගත් නැත. වෙඩි තැබුවේ කාටද යන්න අපි දැනගෙන සිටිය යුතුය.''
නමුත් මාරි කොල්වින් ඇවිදගියේ මරණිය මිටියාවතක එක් අඩක් පමණක් පෙනෙන පාර්ශවයේ ය. ඒ තමන් ජීවත්විය යුතුය යන පාර්ශවයේ ය. ඇයට නොපෙනනා ඉතිරි අඩ තිබුණේ මරණයට අයත් පාර්ශවයේ ය. එහෙත් ඇයට කිසිදා එය පෙනුනේ නැත. ඒ ඇයට තිබුනේ එක් ඇසක් පමණක් නිසා ය. ඉන් යුධ බිමේ පෙනෙන්නේ එක් අර්ධයක් පමණි. එහෙයින් 2012- පෙබරවාරි 22 සිරියාවේදී බෝම්බයකට හසුව ඇය මිය ගියා ය. එය ඉලක්ක කර තිබුනේම මාරි කොල්වින් නැමති යුධ වාර්තාකාරිනියටම වීම ඇය කළ කාර්යභාරයේ වැදගත්කම විදහා පේන්වයි.
එයා දැනන් හිටියා එයා මැරෙණ බව ඒක නිසා ඇගේ අවසාන දින කිහිපය සිරියානු සාමන්‍ය ජනතාව කොටුවී සිටි භූගත බිමිමහලක ඉදන් මෙහෙම ලියනව.
'' මම නොමැරුණත් වෙන කවුරුන් හෝ මිය යාවි. යුද්ධය කියන්නෙ එහෙම දෙයක්.''
උපාලි ජයසිංහ