වර්තමාන තරුණයාගේ සිහින සහ ඔහු ඒවා හඹායන ආකාරය පදනම් කරගත් චිත්‍රපටයක් Gully Boy. මුරාෆ් අහමඩ් (Ranveer Singh) මුම්බායි නගරයේ මුඩුක්කු පරිසරයක ජීවත් වන තරුණයෙක්. කළමනාකරණ විෂයෙන් උසස් අධ්‍යාපනය හදාරණ ඔහුගේ පෙම්වතිය වෛද්‍ය සිසුවියක වන සෆීනා (Alia Bhatt) ප්රමුඛ චරිත ලෙස ගෙන චිත්‍රපටයේ මුලු කතාව දිව යනවා.
රැප් ගායනා සදහා ඉතා නිර්මාණශීලී ලෙස පද රචනා කිරීමේ දක්ෂතාවක් මුරාෆ් සතුවන අතර ඔහුගේ ප්‍රියතම ගායන විලාශය වන්නේ රැප් ගායන ආර. දුප්පත් කමත් පියාගේ කෘර හැසිරීමත් නිසා දැඩි පීඩනකාරී ජීවිතයක් ගෙවන ඔහු ඉන් ගැලවීම සදහා විවිධ මාර්ග සොයනවා. විටෙක සිය වීදියේ සිටින මුදල් අවශ්‍යතාවන් සදහා වාහන සොරකම් කරන මිත්‍රයෙක්ගේ වැඩ වලට පවා සහාය වෙනවා. සෆීනා ගේ උත්සාහය ඔහු අධ්‍යාපනයෙන් ඉහළට ගෙන විවාහ කරගැනීමට.
දිනෙක සිය විශ්ව විද්‍යාලයට පැමිණෙන රැප් ගායක කණ්ඩායමක ෂේර් (Siddhant Chaturvedi) සමග මිත්‍රවන ඔහු ඔහුගේ රචනාවන් ගැන කතා කරනවා. එහිදී ෂේර් ඔහුට පවසන්නේ ඔහුම ඒවා ගායනා කිරීම වඩාත් සුදුසු බවයි. යම් කුලෑටි කමක් පෙන්වන මුරාෆ් කෙමෙන් කෙමෙන් රැප් ගායනාවන්ට හුරු වෙනවා. ඔහුගේ විශේෂත්වය වන්නේ සිය කටුක ජීවන අත්දැකීම් පදනම් කරගෙන ගීත රචනා කර ගායනා කිරීම. මෙහිදී ඔහුගේ ගායනාවක් පටිගත කර අන්තර්ජාලයට මුදාහරිනවා. එහමිදී ඔහුය හදුන්වන්නේ Gully Boy යන අන්වර්ත නාමයෙන්. එම වීඩියෝව අති විශාල පිරිසක් නරඹන අතර ඔහු ජනප්‍රිය චරිතයක් බවට කෙමෙන් පත්වෙනවා.
ඔහුගේ මෙම ගීත ගායනා කිරීමට පියාගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්. මේ අතර අන්තර්ජාලයට මුදාහරින ඔහුගේ වීඩියෝවක් නිසා බාක්ලී විශ්ව විද්‍යාලයේ සංගීතය හදාරන සිසුවියක වන ස්කයි (Kalki Koechlin) මුරාෆ් ගේ ගීතයක් කිරීමට ඉදිරිපත් වන අතර එහි ඇය මුරාෆ්ට ප්‍රේම කරනවා. මේ සිදුවීම නිසා සෆීනා ගේ සිත බිදෙනවා. ගෙදරින් ප්‍රශ්න ඇතිවී මුරාෆ් සිය මට සහ මල්ලි සමග නිවසින් පිටවී යනවා. විවිධ හැලහැප්පීමි මැද මුම්බායි නගරයේ පැවැත්වෙන රැෆ් ස්ටාර් රියැලිටි වැඩසටහනකට මුරාෆ් ඉදිරිපත් වෙනවා. ජයග්‍රහණය කලොත් අතිවිශාල මුදල් ත්‍යාගයක් හිමිවන මෙම තරගය දැඩි තරගකාරී බවක් ගන්නවා.
මෙම චිත්‍රපටය සාමාන්‍ය වාණිජ චිත්‍රපටයක තිබෙන ලක්ෂණ සහිත වුවද මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉන්දියාවේ ආන්තික ජනසමාජය මුහුණ දෙන සමාජයීය ගැටළු චිත්‍රපටයේ යටි පෙළ තුල සාකච්ඡාවීම. වාහන සොරකම, මත්ද්‍රව්‍ය විකිණීම, ළමා අපහරණය වැනි කාරණා මෙහිදී මතු කර පෙන්වන්නට අධ්‍යක්ෂවරිය උත්සාහ ගන්නවා. එය විශේෂ කාරණයක්.
චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන Zoya Akhtar කලක් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා මීරා නයර් ගේ සහාය අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කර ඇති අතර Gully Boy චිත්‍රපටය තුල මීරා නයර් ගේ චිත්‍රපට වල ඇති ඇතැම් ලක්ෂන දකින්න ලැබෙනවා. Zoya Akhtar යනු සුප්‍රකට සිනමා පවුලක දියණියක්. ඇය පද්ම භූෂණ ජාවෙඩ් අක්තාර් ගේ සහ චිත්‍රපට නිළි හනී ඉරානි ගේ දියණිය.
© කපිල එම්. ගමගේ