ඔවුහු ඉතිහාසය වෙනස් කළහ
ලෝක සිනමාව වසරකට වරක් විවිධ අයුරින් සිනමාවට විශිෂ්ටත්වය සහ අපූර්වත්ය ගෙන ආ නිර්මාණ කරුවෝ හදුන්වාදෙන අතර ඒවා සිනමා උළෙලවල් ලෙස පැවත්වේ. මේ සිනමා උළෙලවල් අතුරින් යමෙක් කාන්ස් සිනමා උළෙලේ සම්මානයට පාත්ර වීද හේ විශිෂ්ටයන්ගේ ද විශිෂ්ටයෙක් ලෙස සැලකේ.
2019 කාන්ස් සිනමා උළෙල එහි මෙතෙක් නොලියවූ ඉතිහාසයක් ලියමින් ආසියාතිකයෙක් සහ අප්රිකානුවෙක් වෙනස් කළෝ ය. මෙවර එකී සිනමා උළෙලේ ඉහළම සම්මානය වන Palme d’Or දිනා ගනු ලැබුවේ දකුණු කොරියානු චිත්රපටි අධ්යක්ෂකවරයෙක් වන Bong Joon-ho විසිනි.
ඔහුගේ Parasite, චිත්රපටියට පාදක කර ගනු ලැබුවේ කොරියානු සමාජ පන්තීන්වල අතිශය වෙනස් ස්වාභාවයයි. ඔහු කාන්ස් සම්මාන උළෙලක විශිෂ්ටම අධ්යක්ෂකවරයා වූ ප්රථම කොරියානුවා ය.
වසර 72 ක කාන්ස් සිනමා ඉතිහාසයේ සිය නම රන් අකුරෙන් ලියා තැබීමට සමත්වූ ප්රථම කළු ජාතික අධ්යක්ෂිකාව අපට මුණ ගැසෙන්නේ සෙනගාලයෙනි. ඇය Mati Diop ය. මෙවර ඇගේ “Atlantics” සිනමා කෘතියට 2019 කාන්ස් සිනමා උළෙලේ රජත සම්මානය Grand Prix හිමි විය. ඇය සෙනගාලයේ සිට ප්රංශයට සංක්රමණය වු යුවතියකි. ඇගේ සිනමා සිත්තම ද එය අළලා විය. “Atlantics” කෘතිය කතාකරන්නේ තම පෙම්වතා සෙනගාලයේ සිට ස්පාඤ්ඤයට පලායාමෙන් පසුව ස්පාඤ්ඤයේ දී සංක්රමණිකයන්ට විඳීමට සිදුවන ලිංගික පීඩාවන් දේශපාලනමය සහ වර්ගවාදී පීඩාවන් ගැන ය. සෙනගාලයේ සිට ස්පාඤ්ඤයට සංක්රමණය වන බොහෝ මිනිසුන් අතුරුදහන් වෙති. බොහෝවිට වන්නේ ඔවුහු මිය යාමය.
උපාලි ජයසිංහ