“ඊයෙ බෝයි පමුදිතයි එකතුවෙලා හදපු කොට්ට බබා බැලූවා. ඒක මාර ෆිල්ම් එකක්. මාර කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මාර. ලංකාවෙ කැමරා, කාච, ලයිට් ගනං කර කර ඉන්න අයට සිනමාව මෙතන මෙතන නටන්න කියල කියන වර්ගයේ වැඩක්.
සල්ලි හොය හොය නන්නත්තාර වෙවී ඉන්නෙ නැතුව අපිට මෙතන මේ මොහොතෙ හදන්න පුළුවන් සිනමාව හදන එක මට හැමදාම තිබුන ආසාවක්. එහෙම සිනමාවක ගැම්ම, හැගීම, ආස්වාදය වෙන කිසි ලොකු සයිස් සිනමාවකින් ගන්න බෑ. එතන වැඩකරන්නෙ තනිකරම කි්රයේටිවිටි එක. ඒ ඇරෙන්න වෙන මොකුත් නෑ. අතිසාන්ද්ර ස්ප්රිතුමය සිනමාව. එක මිනිත්තුවකට ඇස් අයින් කරන්න බැරි තරමට අපිව අලවනසුලූ පිටපතක්. ඊට නොදෙවෙනි රංගනයක්. අතේ සතේ නැතුව කතාවක් හිතනවා කියන්නෙ වැඩක්. කෝටි ගනං තිබිලත් ආරියරත්නලට කරන්න බැරි වුන කොල්ලයක්.
කොට්ට බබා කියන්නෙ සමනලී වෙනුවෙන් හැදුන ෆෑන් ෆිල්ම් එකක්. ලංකාවෙ මාලනීලටවත් එහෙම ෆෑන් ෆිල්ම් හැදිලා නෑ. සිනමාව බංකොලොත් වුනත් වෙන විදිහක සිනමා සංස්කෘතියක් හැදෙනවා. ෆෝන් කැමරාවලින් හරි හදන්න ඕන උන් ෆිල්ම් හදනවා. පැදුරු එලාගෙන හරි බලන්න දන්න උන් ඒ ෆිල්ම් බලනවා.
කොට්ට බබා කියන්නෙ මහ බඹා මවපු සිනමාව කොට්ටයක් වෙනකල් පුංචි වෙලා හුරතල්වෙලා කකුල් දෙක අස්සෙ ගහගන්න තරමට බබා වුනහම. ඒක සිනමාව නෙමෙයි කියන උන්ව මරාගෙන මැරෙන්න තරමට දරුණු වුනහම.”
-චින්තන ධර්මදාස මුහුණු පොතෙන් උපුටා ගත්තකි.