දෙවෙනි ලෝක යුද්ධ සමයේ මුල් අවදියේ බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් වරක් කැනේඩියානු අගමැතිගේ ආරාධනයෙන් එහි පාර්ලිමේන්තුව ඇමතීමට පැමිණියේය. දේශනය අවසානයේ මේ ප්රතාපවත් පුද්ගලයාගේ ඡායාරූපක් ගැනීමට අවසර ලබා සිටියේ ඒ වනවිටත් ආලේඛය ඡායාරූපකරණයේ ප්‍රසිද්ධියක් ලබා සිටි යූසුෆ් කාෂ් නම් ඡායාරූප ශිල්පියායි....... යූසුෆ් කාෂ් යනු තුර්කියේ උපත ලැබ පසුකලෙක සරණාගතයෙක් ලෙස කැනඩාවට සංක්‍රමණය වූ අයෙකි. ඔහු සුප්‍රසිද්ධ පුද්ගලයන් ඡායාරූපයට නැගීමේදී ඔවුන්ගේ අනන්‍යතාව සංකේතවත් කිරීමටත් , ආලෝකය හැසිරවීම මගින් ඉරියව් මතුකර පෙන්වීමටත් රුසියෙකි.........පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු චර්චිල් නියමිත ස්ථානයට පැමිණියේය. යූසුෆ් කාෂ් සියල්ල සූදානමින් සිටියේය. දොර ඇරගෙන පරිශ්‍රයට ඇතුළු වනවිටත් චර්චිල් ඡායාරූපයට කිසිම සූදානමකින් සිටින බවක් කාෂ්ට පෙනුණේ නැත.
ඡායාරූපය ගැනීමට යූසුෆ් කාෂ්ට අනුමත වී තිබූ කාලය විනාඩි දෙකකි.වින්ස්ටන් චර්චිල් අග්‍රාමාත්‍යතුමා සුපුරුදු පරිදි සුරුට්ටුවක් පත්තුකර දුම් රොටු එහෙ මෙහෙ යවන්නට පටන් ගත්තේය.අප ඡායාරූප ශිල්පියා තවත් මොහොතක් ඉවසීමෙන් සිටියේය. සුරුට්ටුව සමග චර්චිල්ගේ පිංතූර ගන්නට ඔහු සූදානම් නැත.චර්චිල්ගේ කලින් පිංතූර බොහොමයක්ම දල්වාගත් සුරුට්ටුව සමග ගත් ඒවාය.
යූසුෆ් කාෂ් චර්චිල් වෙත අළු බඳුනක් පෑවේය..
එහෙත් ඒ දෙසවත් නොබැලූ චර්චිල් සුරුට්ටුව නිවනවා වෙනුවට තවත් උනන්දුවෙන් එය ඉරීමට පටන් ගත්තේයයූසුෆ් කාෂ් ක්ෂණයකින් තමාගේ ක්‍රියාන්විතයට එලඹීමට තීරණය කළේය.ඔහු තවත් වරක් තම ආම්පන්න සූදානම්දැයි පිරික්සීය. කිසිම පෙර සූදානමකින් තොරවම චර්චිල් අබිමුවට පැමිණි ඔහු ඉතා ගෞරවාන්විත්ව " සමාවෙන්න සර් " යැයි කියමින් මෙතෙක් දුම් රොටු පිටකරමින් චර්චිල්ගේ මුවේ තිබූ සුරුට්ටුව වහා උදුරා ගත්තේය.
එසැනින්ම තම කැමරාව පිටුපසට ගිය යූසුෆ් කාෂ් , අවසරයකින් තොරව තම සුරුට්ටුව උදුරාගත් මිනිසා දෙස එකවරම හපකර දමන්නට කෝපයකින් රවාගත්වනම බලාසිටින මේ ප්රතාපවත් මිනිසා දුටුවේය. ඔහු වහා කැමරාව ක්‍රියාත්මක කළේය. ඒ සමගම ලොව වැඩිම වාරයක් පිටපත් වූ ඡායාරූප අතරින් එකක් වූ , යූසුෆ් කාෂ් විසින්ම ' ගොරවන සිංහයා ' ලෙස නම් කරනු ලැබූ වින්ස්ටන් චර්චිල්ගේ ලොව සුප්‍රසිද්ධ ඡායාරූපයේ උපත සිදුවිය.
ශාන්ත රෝහණ පීරිස් මුහුණුපොතෙන් උපුටා ගැනුණි