මැරිනා ඒබිරාමොවික් -Marina Abramović
ඇය 1990-1995 දක්වා බර්ලින් කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියකි.1997-2004 දක්වා හොච්ෂුලේ ෆෝර් බිල්ඩෙන්ඩේ කොන්ස්ටේ බ්රවුන්ෂ්වේග් හි රංග කලාව පිළිබඳ මහාචාර්යවරියකි. මැරිනා පවසන පරිදි ඇය රංග කලාවේ ආචිචි අමිමාය. ඇගේ විෂය අපට නොතේරෙන තරමට ගැඹුරුය. ඒ අප ඒ විෂය පිලිබද නොදැනුවත් නිසාය.ඇගේ සියලු කෘති ශරීරය විඳදරාගැනීම, ස්ත්‍රීවාදීත්වය, රංගන ශිල්පියා සහ ප්‍රේක්ෂකයා අතර සම්බන්ධතාවය සහ ශරීරයේ සීමාවන් සහ මනස ඊට දක්වන ප්රතිචාරයන් සහ හැකියාවන් ගවේෂණය කරයි. ඇය අතිශය නිර්භීත සහ සිත් ඇදහිය නොහැකි පර්යේෂණයන් සහ අත්හදා බැලීම් සිය කලා නිර්මාණ ඔස්සේ ඉදිරිපත් කරයි.
1974 දී මෙරිනා රංගන ශිල්පියා සහ ප්‍රේක්ෂකයා අතර සම්බන්ධතාවයේ ස්වාභාවයන් කෙසේදැයි පරීක්ෂා කිරීම සඳහා කලාගාරය තුල තමාම හුදෙකලාව අඩ නිරුවතින් වැතිර සිටි බව කියවේ. ඇගේ අඩ නිරුවත් දේහය අසල ප්‍රේක්ෂකයාට භාවිතා කිරීමට අවසර දී ඇති වස්තූන් 72 කි. මේවායින් සමහරක් සතුටක් ලබා දිය හැකි වස්තූන් වන අතර අනෙක් ඒවා වේදනාව ගෙන ඒමට හෝ ඇයට හානි කිරීමට යොදා ගත හැකිය. ඒ අතර රෝස, පිහාටු, මී පැණි, කසයක්, ඔලිව් තෙල්, කතුරක්, හිස්කබල්, තුවක්කුවක් සහ තනි උණ්ඩයක් විය. පැය හයක් තිස්සේ කලාකරුවා ප්‍රේක්ෂක සාමාජිකයින්ට ඇගේ ශරීරය හා ක්‍රියාවන් හැසිරවීමට ඉඩ හැරියා ය. සමාජ ප්රතිවිපාකවලින් බැහැරව සහ අවදානමක් නොමැතිවිට මානව විෂය කෙතරම් අවදානම් සහ ආක්‍රමණශීලී විය හැකිද යන්න මෙරිනා මින් පරීක්ෂා කරන ලදී. රංගනය අවසන් වන විට, ඇගේ සිරුරේ ඉතිරිව තිබූ වස්ත්‍ර ගලවා ඇයට පහර දී ඇයව අවතක්සේරු කරමින් ලියන ලද "මැඩෝනා, මව සහ ගණිකාව" ලෙස විස්තර කළ කොල කැබලිද ඊට අමතරව ප්‍රේක්ෂකයන් විසින් ඇයගේ ගෙලෙහි කැපුම් තුවාල සිදුකර තිබූ බවටද මාධ්‍ය වාර්තා කර තිබිණි. හරියටම පැය 6 කට පසු, සැලසුම් කළ පරිදි, ඇය නැගිට ප්‍රේක්ෂකයන් දෙසට ඇවිද යන්නට පටන් ගත්විට සියලු දෙනා පලා ගියෝය. උන් සියල්ලෝම යටි හිතෙන් අවස්ථාවක් ලැබෙනතුරු බලා සිටින ආක්‍රමණශීලී බය ගුල්ලෝ ය.
අප මේ දකින්නේ මැරීනා 2012 වැනිසීයේ Art Basel fair හි ඇය ඉදිරිපත් කළ කලා නිර්මාණයකි. එහිදී කලාගාරය ඉදිරිපස දොරටුවේ ඇයත් ඇගේ සහයකයාත් නිරුවතින් සිටගෙන සිටී. ප්‍රේක්ෂකයෝ කලාගාරයට යා යුත්තේ ඔවුන් අතරිනි. බොහෝ මිනිසුන් ආපසු හැරී ගිය අතර එය කෙලවර වුයේ පොලිසියෙන් පැමිනීමෙනි.
2020 දී එයම ඇය බ්‍රිතාන්‍යයේ Royal Academy හි නිරූපණය කරනු ඇත. ඒ ඇයට වයස 72 ක් පිරීම සැමරීම සදහා ය. ඒ සදහා ඇය මේ දිනවල කලාගාරය ඉදිරිපිට දොරටුවේ නිරුවතින් පෙනී සිටීමට කැමති තරුණ තරුණියන් සදහා සම්මුඛ පරීක්ෂණ කැදවමින් සිටී. නැවත කියමි. ඇගේ විෂය ඉතා ගැඹුරු ය.
සටහන : උපාලි ජයසිංහ