~ රෝයල් තැප්‍රොබේන් "මිලක් නැති ත්රිලක්", විසි නම වනදා වනතුරු මහ වැසි මැද ගිනි ඇවිළෙන බවට කෙරෙන සිහි කැඳවීම ය.”
“බල්ලන්, බළලුන් පවා ඇද හැලෙන අනෝරා වැහි මැද පවා අදත් කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණෙන මිතුරනි, මිතුරියනි.
ඒකාන්තයෙන්ම ඔබගේ "පාරිභෝගික අවශ්‍යතාව" එහිදී පරිපූර්ණ කෙරෙයි. ඒ පිළිබඳ සැක නැත. ඉන් එහා ගිය "සංස්කෘතික අවශ්‍යතා" වෙනුවෙන් ඉදිවූ නිදහස් අවකාශයක්, බෞද්ධාලෝක මාවතට කිලෝමීටර් දහයකටත් අඩු දුරකින් නුගේගොඩ, විජේරාම හන්දියේ පිහිටා තිබේ.
දින කිහිපයක් පුරා එහි එකම උළෙලකි. රැඟුම්, ගැයුම්, වැයුම් අතර කිමිදෙන, දියවෙන පණ ගැහෙන මිනිස් සමූහයකි. කිරුළු දරන්නට රටක් නැතත්, රජ කරවන්නට පුතුන් තැනූ, නොනිදන මුරණ්ඩු මිනිසෙකි. ඒ මදිවාට ඇස් දෙකෙන් හිනාවෙන, හිත් කියවන අපූරු බව්වෙකුත්...!
තවමත් එහි යන්නට මට ඉඩ නැතත්, යන එන උන් පිළිබඳ ඉරිසියාව පිරි ආදරයෙන් බලා හිඳිමි. තනි කෙළින් ඉරි වලට එරෙහිව ඇඳෙන විසිරුණු, අපිළිවෙල ඇද ඉරි කවදත් මට ලස්සන නිසා ය.
~ රෝයල් තැප්‍රොබේන් "මිලක් නැති ත්රිලක්", විසි නම වනදා වනතුරු මහ වැසි මැද ගිනි ඇවිළෙන බවට කෙරෙන සිහි කැඳවීම ය.”
-හිරාන් ද සේරම් මුහුණු පොතෙන්