අපිටත් කාලයක් ඒවි
රැප් කියන්නෙ කල්චර් එකක්. ඒ කල්චර් එක ඇතුළේ රැප් Fashion සහ තව ගොඩක් දේවල් තියෙනවා.කැප් එක පැත්තට දාලා. සන්ග්ලාස් දාලා,පච්චා කොටපු,වෛවරණ නානප්‍රකාර ඩෙනිමි,ස්කිනි,ටී ෂර්ටි, ඇඳගත් අමුතුම සංගීත රටාවක් තමයි රැප් කියන්නේ.යුරෝපයෙන් ආගමනය සිදු වුණු රැප් කලාව ආසියාතිකයන්ගේ පැවති ජන සංගීතය පවා වෙනස් කරමින් ලෝකයේ නවමු පරම්පරාව අතර ඉහළ ස්ථානයක් රඳවා ගන්නට සමත් වුණා. හරියට නිකං බොබ් මාලේගේ "රෙගේ"සංගීතය වගේ. බොලිවුඩය තුළ මේ රැප් කලාව විෂය කරගෙන අපූරු චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. ඒ "ගලි බෝයි"නමින්. චිත්‍රපටය නරඹන්නට කලින්ම චිත්‍රපටය පිළිබඳ පෙරයීමක් සිදු කළේ මෙය ගලි වෘත්තිය සම්බන්ධ චිත්රපටයක්දෝ යන්න සැකය අතැතිව.
නමුත් රැප් කලාව තුළින් සමාජය තුළ පවතින සමාජ සංකීර්ණතා සාකච්ඡාවට බඳුන් කිරීම ලංකාවේ බොහෝමයක් රැප් මාතෘකා අතර ප්‍රධාන වන්නක්. දේශපාලනය,දරිද්‍රතාව වැනි සමාජය තුළ ජනයා පීඩිත කරන සාධකයන් තමා ලංකාවේ බොහෝමයක් රැප් ගීතයන් සඳහා පදනම් වන්නේ. මුඩුක්කු පරිසරයක හැදී වැඩෙන මුරාද්ගේ යකඩ හීනය නමක් දිනාගත් රැප් ගායකයකු වීමයි. යකඩ හීන කියන්නෙ හරිම බරයි. යකඩ හීන ඔසවා තබන්න නම් විශාල ජවයක් අත්‍යවශ්‍යමයි. ඒ ජවය මුරාද්ට සපයා දෙන්නේ මුරාද්ගේ මුඩුක්කු පරිසරය විසින්ම යි. මුරාද්ට නිවැසියන්ගෙන් නිතරම ලැබෙන පණිවුඩය තමයි "ජීවිතය කුඩු කරගෙන සංගීතය කරලා වැඩක් නැ." වගේ කනේ පහරක්. මුරාද් තමා දකින නිතර යනෙන සමාජය තුළ පීඩිතයාගේ තැවීම පිළිබඳ අවධානය නිරන්තරයෙන්ම යොමු වෙනවා. අද්‍යතන සමාජය තුළ ජීවත් වන නව තරුණ පරම්පරාව තාරුණ්‍ය අසහනයෙන් පෙළෙන බවට හොඳම සාධකය පෙන්වා දෙන්නෙ සබීනා වැනි තරුණියන්. දෙමාපියන්ගේ ලැබෙන අටෝරාසියක මංගල යෝජනා නිසා පීඩනය පත්වන ඕනෑ තරම් තරුණ තරුණියන් ඉන්දියාවේ සේම ලංකාව තුළත් දක්නට ලැබෙන්නක්. සංස්කෘතිය සහ ආගම විසින් තරුණ තරුණියන්ගේ නිදහස වෙත එල්ල කර තිබෙන ප්‍රහාරය පරමාණු බෝම්බයට වඩා ප්‍රබලයි. යහළුන් සමඟ සුහදත්වය, සිතැඟි පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම, හවස හයෙන් පසුව තරුණියකට ගෙදරින් එළියට යන්නට තහංචි දැමීම නිසා නිවාස අඩස්සියට පත්ව සිටින තරුණිය පිළිබඳව සෆීනා චරිතය මඟින් "ගලිබෝයි" තුළ කතා කරනවා. චිත්‍රපටය තුළ කතා කරන තවත් චරිතයක් තමා මවගේ භුමිකාව.
"ජීවිතය රෝදයට උර දෙන සෑම වාරයක් පාසාම ඔබේ උරපතු සීරී තුවාල වී යනු ඇත. එහෙත්,තමා මෙන්ම අනෙක් අය ද, නිරතව ඉන්නා කාර්යයන් තුළින් තෘප්තියක් ලැබෙනා තුරු තමාට වන්නා වූ හානි පිළිබඳව කවුරුනම් විස්සෝප වෙද් ද?
"ඒ නිතැතින්ම "අම්මා"පමණි". යන්න "ගලි බෝයි" අධ්‍යක්ෂිකා සෝයා අක්තාර් මෙහිදි ඉහත කී ප්‍රශ්නයට පිළිතුර සපයනවා.
මුරාද්ගේ මව්-පිය සබඳතා සංකීර්ණය ඔහුව තවත් පසෙකට ඇද දමන්නට සාධකයක් වීමට බොහෝ ඉඩකඩ තිබුනත් රැප් තරැවක් වීමේ සිහිනය සඳහා ඔහුව සමාජයට විවෘත කර දෙන්නට යූහුසුළුව විශාල සහයෝගයක් ලබා දෙන්නේ Mc Sherr නම් තවත් රැප් චරිතයක සමිප්රාප්තියක් සිදු කරමින්.
රන්වීර් සිංග් "ගලි බෝයි" චිත්‍රපටය තුළ මුරාද්ගේ නිරුපණය සමාජය තුළ අප දකින මා බලාපොරොත්තු වු සෙල්ලක්කාර,රස්තියාදු රැප් චරිතය ඔහුට උරුමව නැති වුවත්,ඔහු විසින් නිරෑපණය කරන තැන්පත්,උගත් තරුණයාගෙන් මඳක් විතැන්ව සැබෑම රැප් ගායකයකු ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියේ පාදූර්භුත කරන්නේ විශාල චරිත විදාරණයකට ලක් කරමින්.
සෆීනාගේ භූමිකාව හොබවන ආලියා භාත්ගේ නිරතුරුවම චිත්‍රපටයන් හි දකින අධි සැරැති වාග් ප්රහාරයන් එල්ල කරන,රණ්ඩු සරුවල්වලින් ප්‍රශ්න බේරගන්න විතරක්ම පුලුවන් බව සිතන චරිතය "ගලි බෝයි" තුළත් ඒ අයුරින් ම නිරූපණය වෙලා තියෙනවා.මුරාද්ගේ පියා සහ මවගේ චරිත නිරූපණයන් චිත්‍රපටය තවදුරටත් ශක්තිමත් ලෙසින් නිර්මාණය කරන්නට හේතුපාදක වී තිබෙනවා. රැප් සංගීතයන්ට ආසක්ත වුවෙකු ලෙස චිත්‍රපට පසුබිම් සංගීතය පිළිබඳ 85% වගේ සතුටු විය හැකියි. චිත්‍රපටය අවසාන ඉදිරිපත් කිරීම නම් සැබැවින්ම ප්ල්ස් පොයින්ට් සමඟ 100% මටිටමක් සහිත උන්මාදනීය රැප් ගායනාවක්.සෝයා විසින් නිරවද්‍යතාවයෙන් යුතුව රැප් ක්ෂේත්රයේ නවක තරුණයන් යොදාගෙන චිත්‍රපටය සම්පුර්ණයෙන්ම පාහේ නිර්මාණය කර තිබීම ගුණාත්මක සහ නිවැරැදි රැප් සංගීතයක් ලැබීමට මනා පිටිවහලක්.
"ගලි බොයි" අධ්‍යක්ෂිකා සෝයා අක්තාර්ගේ වෙනස්ම ආකෘතියක් සහ සන්දර්භයක් සහිත "ගලි බෝයි" සිනමාපටය මුඩුක්කු පැල්පත්වාසීයකුගේ සින්තටික් සිහිනයක් කොහොමද හැබෑවටම යථාර්ථයක් කරගන්නෙ කියලා වෙනස්ම ආකාරයකින් පෙන්වන "ගලි බෝයි" 2019 වසරට අදාළව නැරඹු සුවිශේෂීම සිනමාපටයක් බව අවසාන වශයෙන් කියන්නට පුලුවන්. නමුත් මට නම් තවමත් සෝයා අක්තාර්ගේ චිත්‍රපට අතරින් තවමත් අංක එක "සින්දගී නා මිලේගේ දොබාරා" ය.
-මලින්ත විතානගේ-