දෙවෙනි ඉනිම තාම සම්මාන ගන්නවා ජනප්‍රිය ටෙලි නාට්,ය ජනප්‍රිය නලුවා, ජනප්‍රිය නිළිය ආදී වශයෙන්.
මේකේ කතාව මොකද්ද කියලා සරලව ගත්තොත් අවන්ත සහ අනුහස් එකම පියෙකුට දාව අම්මලා දෙන්නෙකුට ඉපැදුන කොල්ලො දෙන්නෙක්. ඒ දෙන්නගෙම තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නීත්‍යානුකූල අම්මා දෙවැනි අම්මා එක්ක මාර වලි. කොම්පැනි අයිති කාරයෙක් වුන රවී කොල්ලො දෙන්නටම ෂෙයාර්ස් බෙදනවා.
සමල්කා කියලා කෙල්ලෙක් හිටියා. ඒ කෙල්ල එක්ක අයියලා මල්ලිලා දෙන්නම ඉස්කෝලෙ යන කාලෙම යාලුවුනා. ඊට පස්සෙ අනුහස් එක්ක අනුහස්ගෙ අම්මගෙ අයියගෙ දුව යාළුවෙන්න දැගලුවා. අන්තිමට සමල්කා එක්ක යාලුවෙලා හිටපු අවන්ත එක්ක දෙව්මි යාලුවුනා. කොල්ලො දෙන්නගෙ තාත්තා රචකයා විසින් මරලා දැම්මා. ඒ බිමල් ජයකොඩි දෙවැනි ඉනිමෙන් අයින් වුන නිසා. සමල්කට රඟපාපු රංගන ශිල්පිනිය අයින්වුන නිසා එයා මහණ කෙරෙව්වා. අවන්ත ට රඟපාපු නළුවා ගායකයෙක් හින්දා ලංකාවෙන් පිට සංගීත සංදර්ශනවලට යනකොට ඒ කොල්ලා ගෙදරින් තරහා වෙලා යවනවා. ඊට පස්සේ ආපහු කව්රු හරි පැහැරගෙන ගිය විදිහට පෙන්නලා බේරගන්න ටියුෂන් සර් එක්ක ගේමක් ප්ලෑන් කරලා අනුහස්ගෙ ගෙදර නවත්තනවා. අනුහස් මියසිකල් ෂෝ වලට ගියහම අනුහස්ගෙ සීන්ස් ලියන් නැතුව චබියයි, මයිකුයි වැඩකට නැති පිරිමි චරිත දෙකක් කරලා ගරාජ් එකෙයි උදේනිගෙ ගෙදරයි ටියුෂන් සර්ගෙ ඕපදූපයි මල්වත්තක රූගත කරන කැම්පස් වත්තෙයි පාරවල්වලයි ඕපදුප හොයමින් ඇවිද්දවනවා.
මේ දවස්වල ධර්මප්‍රිය ඩයස්ගෙ චරිතය රට යවලා ජපන් යවලා ගරාජ් එකට කෑලි ගේන්න. උදේනි හිටපු ගමන් ජූස් බාර් එකක් කරනවා හිටපු ගමන් නැහැ. දෙව්මිගෙ ගෙදර සාලෙ ඉඳගත්තහම අතු ගානවයි, තේ බොන්න යමු කියනවයි, කමු කියනවයි ඇරෙන්න වෙන විදිහකට සීන් එකක් ඉවර වෙන්නෙ ම නැහැ.
සහේලි එයාගෙ අක්කගෙ කැම්පස් යන පාරේ ටියුෂන් යනවා ලිහිණිගෙ යාලු කොල්ලො දෙන්නා හම්බවෙනවා. දෙන්න වගේ යනවා නොදෙනවා. කැප්ස් එකේ ඉන්නෙ කොල්ලො දෙන්නයි ලිහිණියි දෙව්මියි අනුහසුයි එක්ක ඉඳලා හිටලා එන කෙල්ලො දෙන්නයි මල්වත්තෙ බංකුවල ඉන්නවා ඇරෙන්න අනුහස්, දෙව්මි, ලිහිණි සහ අනිත් කිසිවෙකු ඉගනෙ ගන්න බවක් ඇත්තෙම නැහැ.
එදිරිමුණි කතාව ලියන්නේ අවේලබල් නළු නිළියන් ට පමණක් බව ඉතාම පැහැදිලිව පේනවා විතරක් නෙමේ රට යවන අතුරුදහන් කරන අවන්ත ගෙ අම්මට පුතා නැතුව මෙලෝ ගානයක් නැතුව ඉන්න පුළුවන් කරලා තිබීම ආදී අභව්‍ය කතා ගෙතිල්ල දිහා මේ රටේ ටෙලිවිෂන් නරඹන්නෝ බලන් ඉන්නවා කියන්නෙම අනේ මන්දා මේ රටේ පේ්රක්ෂකයෙන්ගෙ බුද්ධි මට්ටම තට්ටමටම බැහැලා . ඉඳගත්තහම යටවෙනවා. ඉතින් කොහෙද මේවා ගැන කතා කරන්නේ.
දැන් ඒසී කාමරවල ෆැන් කරකවමින් අලුත් චරිතයක් දෙවෙනි ඉනිමට හඳුන්වා දී තිබේ. සමල්කාගේ අම්මා පිස්සු සුව වී පැමිණීමත් සමග පැමිණෙන මෙම ගෑනු ළමයා කතාව තවත් ඉනිමක් ගෙනියන්න අටවන ලද්දකි.
කතාවක් නැතිවීමම මේවා ජනප්‍රිය නාටක බවට පත්වෙමින් තිබෙන්නේ චැනල්වල උවමනාවට ය. පිටරටවල්වල වැඩ කරන කොල්ලන් සහ කෙල්ලන් මේවා බලන්නේ මේ කතා ලියන්නේ කෙසේදැයි නොදැන ය. එදිරිමුනිත් මේ කතා ලියනවා ඇත්තේ ඊගාවට මොනවා කරනවාදැයි නොදැන විය හැකි ය. දැනගෙන ලියනවානම් කන්ටිනියුටි නොහොත් දර්ශන අතර චරිත අතර අන්තර් සබඳතාවන් මෙන්ම ඒවායෙහි ඒකාග්රතාවන් සහ සම්බන්ධීකරණයන් තිබිය යුතු ය.
හිටපු ගමන් ටියුෂන් සර් හොයාගෙන එන සර්ගෙ පෙම්වතිය නොහොත් අනුහස්ලාගේ ටීචර් ය.
අනේ මන්දා එදිරිමුණි. දැන්වත් මේ මිනිස්සු ගොනාට ඇන්දවීම නතර කළොත් හොඳ නැද්ද?
විවේකයක් අරගත්තනම් හොඳ නැද්ද? මොකද මේක ඔයා ලියනකොට අනිත් අයට කරන්න වෙනවනේ.
ඉතින් දෙවැනි ඉනිම කවදාවත් සෙල්ලම් කරන්න වෙනවාදැයි නොදැන යන මේ ගමන පේ්රක්ෂකයන් අතරමං කරවමින් මංමුලා කරවමින් මේ රටේ නරඹන්නන්ගේ රසඥතාව මරා දමන්නට සැලසුම් කරන ලද ව්‍යාපෘතියකි. මේවා මනසට බලපෑම් කරන මාරාන්තික වෛරස් විශේෂයකි.
සටහන : හසන්ත වනිගසේකර