ලොව පුරා සහ දේශීයව (Domestic) සියලුම Warner Bros චිත්රපට තැබූ ආදායම් වාර්තා බිද හෙළමින් ඉදිරියටම ඇදෙනවා..
Barbie චිත්රපටයේ දේශීය එහෙමත් නැත්නම් Domestic (US & Canada) ආදායම මේ වනවිට ඇ.ඩො මිලියන 537.39 ක් බවට පත් වී තිබෙනවා. ඒ Warner Bros චිත්රපටයක් දේශීයව ලද ඉහලම ආදායම ලෙස උතුරු ඇමරිකාව සහ කැනඩාව තුලින් The Dark Knight විසින් ලැබූ 533.7 ක ආදායම් වාර්තාව බිද හෙලමිනුයි. ඒ සමගින් චිත්රපටයේ ලොව පුරා ආදායම ඇ.ඩො බිලියන 1.21 ක් බවට පත් වී ඇති අතර ඒ Joker, Aquaman සහ The Dark Knight චිත්රපට ලොව පුරා ලබාගත් ආදායමද පසු කරමිනුයි. ඉදිරියේදී Harry Potter and the Deathly Hallows: Part II චිත්රපටය ලොව පුරා ලබා ඇති ඇ.ඩො බිලියන 1.3 ක ආදායම් වාර්තාවද බිදිමින්, ලොව පුරාද ඉහලම ආදායමක් ලද Warner Bros චිත්රපටය බවටද පත් වෙමින්, සම්පූර්ණ ප්රදර්ශන කාලය අවසානයේදී ලොව පුරා ඇ.ඩො බිලියන 1.4 - 1.45 පමණ ආදායමක් Barbie චිත්රපටය වාර්තා කරනු ඇතැයි මේ වනවිට Box Office ආදායම් විශ්ලේෂකයන් විසින් අනාවැකි පල කොට ඇත..
(Comic Cage - Facebook)