සම්මානනීය කිවිවර සෞම්‍ය සඳරුවන් ලියනගේ ගේ නවතම කාව්‍ය සංග්‍රහය 'ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට?' එළිදැක්වීමේ සැඳෑව පසුගියදා (16) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
මහාචාර්ය බුද්ධදාස ගලප්පත්ති, වෛද්‍ය නුවන් තොටවත්ත ප්‍රධාන දෙසුම් පැවැත්වූ සෞන්දර්යාත්මක සැඳෑවේ සෞම්‍යගේ නිල වෙබ් අඩවියද එළිදැක්විණි.
2013 හැටේ වත්තේ මග්දලේනා, 2016 නුඹ නො ඒ නම් කියන්න කවි සංග්‍රහ සහ 2019 ලෝටස් නවකතාවෙන් පසුව පැවති නිහඬතාව බිඳිමින් සෞම්‍ය සිය නිර්මාණ එළිදැක්වීම කිරීමට කටයුතු කර තිබිණි.
ප්රස්තුත තෝරාගැනීමට වඩා මිනිස් සන්තානයේ උපදින අතිශය සංවේදී සිතුවිලි කවියට නගමින් එළිදැක්වූ 'ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට?' කාව්‍ය සංග්‍රහය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මිලදී ගැනීමේ අවස්ථාව තිබේ.
ඡායා : රවින්ද්‍ර පුෂ්පකුමාර