මහ මුහුද මැදදී අනතුරට ලක් වන සිය නෞකාව සමගින්ම පොර බදා දිවි බේරා ගන්නා රොබින්සන් වටා ලියවුණ නවකතාව 'රොබින්සන් කෲසෝ' නවකතාව ඇසුරින් නිමැවුණු චිත්රපටය කිසිවෙකුට අමතක විය හැක්කක් නොවේ.
එහි සිංහල හඬ කැවූ කතා මාලාව ශ්රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට අදද මතකයේ පවතින රූපවාහිනී කෘති අතරින් එකකි.
ඉංග්රීසි ජාතිකයකු වන ඩැනියෙල් ඩෙෆෝ විසින් රචනා කරන ලද මෙම කතා මාලාව මීට දශක දෙකකට අධික කාලයකට පෙර ජාතික රූපවාහිනියේ හඬකැවීම් අංශය විසින් විකාශය කරනු ලැබුවේ එවකට යෞවන පිරිසගේ දැඩි ආදරයද සමගිනි.
'රොබින්සන් අන්දරය' නමින් විකාශය වූ මෙම කතා මාලාව හෙට සිට උදෑසන 8.30ට විකාශය වේ.