ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ ඇගයීම උදෙසා පැවැත්වෙන 'ආනන්දයි ආනන්ද' ඇගයුම් උළෙල හෙට (11) දිනට යෙදී ඇත.
කොළඹ සංස්කෘතික ආයතනයේ සුදර්ශි ශාලාවේදී සවස 05ට පැවැත්වීමට කටයුතු යොදා ඇති ඇගයුම් උළෙලට සමගාමීව එදින සිනමාපට කිහිපයක්ද ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.
එම උපහාර උළෙලට අමතරව මෙවර 'මිරර් ආර්ට්ස්' සතියේ කතාබහටද එක් වූයේ ආනන්ද වික්‍රමගේ වේ. එහිදී සිය ජීවිතයේ ඉතාම රසමුසු අවස්ථා මෙන්ම ජීවිතයේ කලාවට එළඹි අවස්ථාව ගැනද ඔහු දීර්ඝ ලෙස විස්තර කළේය.
හෙට පෙරවරු 10.30ට මිල්ටන් ජයවර්ධනගේ 'සමාවෙන්න', සවස 2.30ට මිල්ටන් ජයවර්ධනගේ 'ආයාචනා' සහ පස්වරු 07ට විජය ධර්මශ්‍රීගේ 'චූඩා මාණික්‍යය' තිරගත කෙරේ.
සිනමාපට ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වෙන අතර ජීවිතයේ වැඩි කාලයක් කලාව වෙනුවෙන් කැප කළ ආනන්ද වික්‍රමගේ ප්‍රවීණ රංගන ශිල්පියා ඇගයීමේ දිනයට සහභාගි වන්නැයි ඔහුගේ රසික සහ ප්‍රේක්ෂක ප්‍රජාවට සංවිධායකයෝ ආරාධනය කරති.