lan englan tam

පුවත්

පුංචි අන්දරේහි රන්සිනා සෙලිනි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මගේම ව්‍යාපාරයක් කරන්නයි මට ඕන

 

යොවුන් වියට පා තබන සුන්දර ළමා රංගන ශිල්පිනියක් මෙවර රසඳුනෙන් ඔබ හමුවටගෙන එන්නේ. ඇය නමින් සෙලිනි රත්නායකය. පුංචි තිරයේ “රන්සිනා” චරිතයෙන් ඇය ප්‍රේක්ෂකයා අතරට පැමිණියේ “පුංචි අන්දරේ” ටෙලි නාට්‍යයෙනි.

 

 

සෙලිනි. මොනවද මේ දවස්වල අලුත් තොරතුරු ?

සුපුරුදු විදියට පාසල් අධ්‍යාපන කටයුතු කරනවා. රංගනය පැත්තෙන් කතා කළොත් මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් පටන් ගත්තා.

ඒ ටෙලි නාට්‍ය ගැන ඔබේ ප්‍රේක්ෂකයෝ දැන ගන්න කැමැති ඇති?

ටෙලි නාට්‍යයේ නම“Secret Of Mansion”. අධ්‍යක්ෂණය කරන්නේ බුද්ධික ලොකුකැටිය සර්. ඒ ටෙලි නාට්‍යය අබිරහස් කතාවක් පාදක වුණු නිර්මාණයක්. මම මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් තමයි රඟදක්වන්නේ.

7 2 225x300

සෙලිනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් කියමුද ?

මට දැන් වයස අවුරුදු 16යි. පදිංචිය බෙල්ලන්විල. මගෙ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මමයි, මල්ලියි. මම නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ එකොළහ ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මම මේ අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී ඉන්න සූදානම් වෙනවා. මගේ ආසම විෂයය වාණිජ විෂය. පාසලේ ඉංග්‍රීසි නාට්‍ය තරගවලටත් සහභාගී වෙනවා.

රංගනයට අමතරව වෙනත් දක්ෂතා තියෙනවද ?

මට නටන්න පුළුවන්. හඬ කැවීම් අංශයටත් මං කැමතියි. මං හිතනවා ඒ පැත්තෙනුත් මට හැකියාවක් තියෙනවා කියලා. මට කාටූන් එකක හඬකැවීම්වලට ආරාධනාවක් ලැබුණා. ඉදිරියේදී ඒ වැඩෙත් කරන්න නියමිතයි. සින්දු කියන්නත් ටිකක් පුළුවන්.

සෙලිනි මුලින්ම රංගනයට එන්නේ කොහොමද ? 

මං රංගනයෙන් සම්බන්ධ වුණු පළවෙනි ටෙලි නාට්‍යය තමයි හිරු ටීවී නාළිකාවේ විකාශය වුණු “පුංචි අන්දරේ” ටෙලි නාට්‍යය. ඒක ප්‍රියාල් වීරසිංහ මාමාගේ අධ්‍යක්ෂණයක්. “රන්සිනා” කියන ප්‍රධාන චරිතය නිරූපණය කළේ මම.

ඒ ටෙලි නාට්‍යයේදී සිද්ධ වුණු අමතක නොවෙන සිදුවීම් එහෙම තියෙනවද ?

මම එතකොට රංගනයට ආධුනික නිසා රඟපාන්න ටිකක් බයයි. ඒ හින්දම රූගත කිරීම්වල මුල් කාලේ දවසක එක සීන් එක විසි දෙවතාවක් රූගත කරන්න වුණා. ඒ වගේම තමයි ඒ ටෙලි නාට්‍යයේ භාෂා රටාව ටිකක් වෙනස්. රජ කාලේ හිටපු අන්දරේගේ කතාවක්නේ. ඉතින් ඒ කාලේ පාවිච්චි කරපු භාෂාව තමයි ටෙලි නාට්‍යයේ තිබුණේ. ඒක හුරවෙන එක ටිකක් මට අමාරු වුණා. මගේ ඒ රංගනයට යාළුවන්ගෙන්, ගුරුවරුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.

Selini Ratnayakejpg

සෙලිනි වෙ‍ෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වෙලා තියෙනව ද ?

මන්චි බිස්කට් සහ සම්පත් බැංකුවට අදාළ වෙ‍ෙළඳ දැන්වීම් දෙකකට මං සම්බන්ධ වුණා.

රංගනය පැත්තෙන් ඔබේ ඉදිරි කටයුතු මොනවද ?

අන්ධ චරිතයක්, Gangster girl කෙනෙක්ගේ චරිතයක් කරන්න මම කැම­ැතියි. සාමාන්‍යයෙන් මම ආරාධනා ලැබෙන හැම ටෙලිනාට්‍යයක්ම බාර ගන්නේ නෑ. අම්මයි, අප්පච්චියි නාට්‍ය පිටපත මුලින්ම කියවලා බලලා තෝරා බේරා ගෙන තමයි මාව ටෙලිනාට්‍යවලට යොමු කරන්නේ. පහුගිය කාලේ මගේ වයසට නොගැළපෙන චරිත නිසා නාට්‍යය කිහිපයක් ප්‍රතික්ෂේප කළා. සුමිත් ගල්හේන මාමාගේ චිත්‍රපටයක වැඩත් ළඟදීම පටන් ගන්නවා. ඊට අමතරව තව ආරාධනා කිහිපයක් මම බාරගෙන තියෙනවා.

කොහොමද මේ වෙනකොට ඔබ අනාගතය සැලසුම් කරලා තියෙන්නේ?

රංගන ශිල්පිනියක් විදියට වැඩ කරන අතරතුර මගේම ව්‍යාපාරයක් ගොඩනංවන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් විදෙස්ගත වෙලා PHD එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ ගමනට ශක්තිය වුණු පිරිස මතක් කළොත්?

අම්මයි අප්පච්චියි තමා මගේ ලොකුම ශක්තිය. මල්ලිත් මට උදව් කරනවා. මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයට, ඒ වගේම මගේ රංගන හැකියාව මුලින්ම හඳුනාගත්ත දිලීපා සේරසිංහ මිස්ට, සමන්ත කුමාර ගමගේ මාමා, ප්‍රියාල් වීරසිංහ මාමා සහ බුද්ධික ලොකුකැටිය සර්ලා මගේ ගමනට ලොකු සහායක් වෙනවා.

කුමුදිකා ඩී. සපුතන්ත්‍රී (රසඳුන)

Back to top
Go to bottom