lan englan tam

පුවත්

ප්‍රවීණ කලාවේදිණියකගේ නික්ම යෑම....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පීනියක් වන කුමාරි පෙරේරා සිය දිවි ගමනින්  සමුගනියි.

1956 වසරේ උපන් ඇය මියයන විට 69 වියේ පසු වූවාය.අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

 
477488861 2656622514527910 3210976737969511940 n
 
 
සරත්චන්ද්‍රයන්ගේ "මනමේ" නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ද  ඇය "සිංහබාහු" නාට්‍යයේ සිංහ සීවලී ලෙසද  පණ පෙවුවාය."සිටුමැදුර","ලොකු අයියා ", "පොද වැස්ස", "බෝඩිම", "ඉරට හඬන මල්", "කන්දෙ ගෙදර", "කෝපි කඩේ" වැනි ටෙලිනාට්‍ය ගණනාවක ද රංගනය කළ ඇය ගුවන්විදුලි නිවේදිකාවක් සහ නූර්ති ගී ශිල්පිණියක් ලෙසින් ද ප්‍රකට ය.  "වෙසතුරු සිරිත" චිත්‍රපටයේ ළමා චරිතයක් රංගනය කරමින් සිනමාවට පිවිසි ඇය "සිකුරු දසාව", "තෙවත" සහ "ගිනි අවි සහ ගිනි කෙළි" වැනි චිත්‍රපට කිහිපයක රංගනය කළාය.
 
480004027 2656622131194615 5377513811094909547 n
 
  ප්‍රවීණ සංගීතඥ රංජිත් යාපා ද අල්විස් සමග අතිනත ගත් ඇය ටවර්හෝල් නළු නිළි යුවලක් වන ටී.විල්බට් පෙරේරා සහ සෝමකාන්තාගේ දියනියකි.
 
 ඇගේ හදිසි වියෝව සම්බන්ධව මිරර් ආර්ට්ස් අපගේ සාතිශය සංවේගය පලකර සිටිමු.
Back to top
Go to bottom