lan englan tam

පුවත්

අම්මාවරුන් ගැන කතාවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර 'මිරර් ආර්ට්ස්' සංවාදය සමඟ එක් වන්නේ වචනවලින් ගිණිය නොහැකි 'සිනමාවේ ගැහැනිය' .ස්වර්ණා මල්ලවාරච්චි වේ.

ඇය හඳුන්වා දීමට එය ප්‍රමාණවත්. 'මිරර් ආට්ස්' මෙවර විශේෂයෙන් කළ ආරාධනය පිළිගෙන ස්වර්ණා මල්ලවාරච්චි රංගවේදිනියගේ සහභාගීත්වය ගැන වැඩසටහනේ පූරකවරිය මනෝහාරි හේවාවසම් කෙටියෙන් කළ සඳහන එපමණය. සැබැවින්ම ස්වර්ණා මල්ලවාරච්චි නමට හැන්දින්වීමක අවැසි නොවූ සංවාදය ආරම්භය සිදු වුණේ මෙමෙලෙසිනි.

 WhatsApp Image 2025 02 07 at 01.29.42
 
මනෝහාරි: ස්වර්ණා අක්කා, ඔබ ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා වගේම මට අද මෙය සුවිශේෂී දවසක්. මාධ්‍යවේදියෙක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි ස්වර්ණා මල්ලවාරච්චි සමග සාකච්ඡාවක් කිරීම.
 
ස්වර්ණා: 'රාණි' හින්දා!
 
මනෝහාරි: නැතත් එහෙම තමයි. ස්වර්ණා මල්ලවාරච්චි කිව්වම අපේ රටේ 'සිනමාවේ ගැහැනිය'. ඒක වචනවලට නගන්න බැහැ ඒක වචනවලට නාස්ති කරන්න ඕන නෑ. එය ඒ තරම් ගෞරවයක්, ආදරයක්. 
මම මෙහෙම අහන්නම්. 'රාණි' කියන මනෝරාණි සරවනමුත්තු කියන ගැහැනිය තුළ ජීවත් වන අම්මල ගැන ඔබට තියෙන අදහස මොන වගේද?
 
 
ස්වර්ණා: රාණි කියන ගැහැනිය තුළ පළවෙනියටම ඉන්නේ ජීසස්ගේ අම්මා. 'මදර් මේරි' තම පුතා පාරවල ඇදගෙන ගිහිල්ලා, ඔළුවට කටු ගහලා, කසවලින් ගහලා, කුරුසියක් කර තියාගෙන යනකල්ම ඒ පස්සෙන් ගියා. උදේ නමයේ ඉඳලා හැන්දෑවේ තුනට තමයි ජීසස් නැති වෙන්නේ. ඒ වෙනකල් මේ අම්මා බලාගෙන හිටියා. ඒ අතරේ ඊතලවලින් ඇලයට අනිනවා, වතුර ඉල්ලපුවම වතුර දෙන්නේ නැහැ, විනාකිරි දෙන්නේ. ඔය දේවල් කරනකොට අම්මා කෙනෙක් කොහොමද මේව බලාගෙන හිටියේ කියලා මම හැමතිස්සේම අහනවා. අම්මගෙ හැඟීම් මොන වගේ වෙන්න ඇතිද, අම්මා කන්න බොන්න ඇතිද. හිතන්න ඇත්තේ "මගේ දරුවා බේරෙයි, කවුරුහරි බේරයි" කියන එක තමයි. ඒ වගේ තමයි රාණි තුළ හිටපු ගැහැනියත් එහෙම හිතන්න ඇති. එයා ඉහළ සමාජයේ ඔක්කෝම දැනගෙන හිටියා. එයා කතා කළා කීප දෙනෙක්ට. එක්කෙනෙක් කිව්වා "බයවෙන්න එපා, පැය විසි හතරක් ඇතුළත මං ඔයාගේ පුතා ගෙනත් දෙන්නම් කියලා." රාණි තුළ ඉන්න ගැහැනිය වැනි අනන්ත අප්‍රමාණ අම්මලා ඇති, ඒ වගේ හැඟීම් විඳ දරා ගත්ත. ලංකාවේ, ආජන්ටිනාවේ, ඇමෙරිකාවේ, මුළු ලෝකෙම ඉන්නව ඒ වගේ අම්මලා. ලෝකෙ පුරාම 'ජර්නලිස්ට්ලිස්ලා' ඉන්නවා. සිවිල් යුද්ධයක් තියෙද්දී දරුවන්ව අරගෙන යනවා. මං හිතන්නේ දහස් ගණන් අම්මලා ඔය වගේ ලෝකේ ඕන තරම් ඇති.
 
WhatsApp Image 2025 02 07 at 01.37.01
 
 
මනෝහාරි: චින්තන ධර්මදාස රාණි බැලුවට පස්සේ කියලා තිබුණා, "මෙච්චර කල් අපි දැක්කේ ගැමි ගැහැනියගේ දරුවන් අතුරුදහන් වීම ගැන නමුත්, මේ කතාව නගරයේ අම්මා කෙනෙක්ගේ දරුවා අතුරුදහන් වීම ගැන කරපු පළවෙනි චිත්‍රපටය' කියා. රාණිට දේශපාලන සම්බන්ධකම් එහෙම තිබිලයි මේ දරුවා නැති වෙන්නේ. ඒ සමාජ ක්‍රමය ගැන ඔබට කොහොමද හිතෙන්නේ?
 
ස්වර්ණා: ඒක තමයි. එවැනි අය ගෙදරට එනවනේ. මනෝරාණිගේ ළඟම යහළුවෙක් එක්ක දෙබසක් තියෙනවා "තමුසෙලා මේ ආණ්ඩුවෙ ඇමතිල නේද, නිදාගෙනද හිටියේ මගේ දරුවා නැති වෙනකල්?" කියලා. ඇය මං දන්න හැටියට සාමාන්‍ය ජනතාවට වැඩිය ඉහළ සමාජය එක්ක සිටිය ගැහැණු කෙනෙක්. සමාජයේ ඉහළ තලයේත් කොච්චර සම්බන්ධතා තිබුණත් ඇයටත් ඒ දරුවා හොයාගන්න බැරි වුණා. මං දන්නවා එවැනි අම්මලා ඇමතිලාගේ ඔෆිස්වල ගිහින් බලාගෙන ඉන්නවා එළියේ ඉඳගෙන. මම චිත්‍රපටවල බලලා තියෙනවා ඇමතිලාගේ කොරිඩෝල වාඩිවෙලා අම්මලා බලන් ඉන්න මෙවන් සිද්ධි. දරුවෙක් අරන් ගියහම මොන විදිහේ සම්බන්ධතා තිබුණත් මම හිතන්නේ කිසිවක් කරගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා කියන එක තමයි මේ චිත්‍රපටියේ පෙන්වන්නේ. ඒකත් එක්කම දැනෙනවා ජනමාධ්‍යවේදීන්, විවිධ අය, විවිධ තලවල අය, විජය කුමාරතුංග වැනි ජනප්‍රිය අය පවා නැති වුණා. ප්‍රේමකීර්ති වගේ අය නැති වුණා.
 
මනෝහාරි: මොකක්ද ඒ වගේ අය ගැන හිතෙන්නේ?
 
ස්වර්ණා: රිචඩ් මැරුවේ පෙබරවාරි මාසයේ. විජය කුමාරතුංග මැරුණේ ඒ මාසයේ. ඒ කාලේ දවස ගාණේ ආරංචි එනවා "මෙයා අරන් ගිහින්, මෙයා රැගෙන ගිහින්" කියලා. මේ වගේ ශෝචනීය ප්‍රවෘත්ති අපිට ඇහුණු කාලයක් තමයි ඒක. ඒ කාලේ මම හිටියේ මගේ දුවත් එක්ක තනියම. මම දුවත් එක්ක ගිහිල්ලා, මගේ යාළුවෙකුගේ ගෙදර රෑ නිදාගෙන ඉඳලා, උදේ ඇවිත් ආපහු එයාව ඉස්කෝලේ අරන් යනවා. මට තර්ජන තිබුණා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඒ කාලේ හෙවණැල්ලක් වැටුනත් බයයි. සද්දයක් ඇහුනත් බයයි. මම කවදාවත් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි. මම ඒක ඕනෑකමින්ම කළා. කලාකරුවෙක් වුණාම ලංකාව වගේ රටක දේශපාලනයට එකතුවෙලා වැඩ කිරීම හරි අමාරුයි. මෙහේ සමාජ ක්‍රමයයි, එන දේශපාලඥයොයි වෙනයි. සමාජ ක්‍රමය එක විදිහට යනවා නම් අපිට දේශපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ රටේ එහෙම එකක් නැහැ. අපේ රටේ කවුරුහරි අලුතෙන් ආපුවම ඒගොල්ලෝ සිස්ටම් එක වෙනස් කරනවා.
 
ස්වර්ණා මල්ලවාරච්චි නම් වූ ශ්‍රී ලාංකේය 'සිනමාවේ ගැහැනිය' එසේ පූරකවරිය සමග සංවාදයට එළඹුණාය. ඇය ශ්‍රී ලංකාව තුළ සිනමාව ප්‍රවර්ධනය සඳහා කළ යුතු මැදිහත්වීම මෙන්ම නිෂ්පාදනය තුළ ඇති කාර්යයද විස්තර කළාය. 
 
 
WhatsApp Image 2025 02 07 at 01.37.01 1
 
 
"සිනමාව කියන්නේ හරිම 'එක්ස්පෙන්සිව් (වියදම් අධික) ආට්' එකක්. කවියක් ලියනකොට පෑනයි, කොළෙයි අවශ්‍ය වෙන්නේ. පේන්ට් කරනවා නම් කැන්වස් එකයි, පේන්ට් එකයි අවශ්‍ය වෙන්නේ. සිනමාව කියන්නේ මිලියන් ගණන් වියදම් කරන කලාවක්. මම මේ ටිකේ ෆේස්බුක් යනවා අපේ චිත්‍රපටිය 'ප්‍රමෝට්' කරන්න ඕන නිසා. සාමාන්‍යයෙන් මම දැක්කොත් නළුවෙක්, නිළියක්, අධ්‍යක්ෂකවරයෙක් හරි මොනවා හරි දාලා තියෙනවා නිර්මාණයක් ළඟදි එනවා කියලා, මම ලයික් එකක් දානවා. මොකද අපි ඒ අය ධෛර්යමත් කරන්න ඕනේ.
චිත්‍රපටියක් කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ මාධ්‍යය. මම බලලා තියෙන චිත්‍රපටිවල, කියවල තියෙන පොත්පත්වල හැමතැනම තියෙන්නේ චිත්‍රපටයක මැද නාරටිය වෙන්නේ අධ්‍යක්ෂකවරයා යන්නයි. චිත්‍රපටි කන්සෙප්ට් එක වෙනස් වෙන්න පුළුවන් පුළුවන්. රාණි 'ෆික්ශන් බේස්ඩ් ස්ටොරි' එකක්. මොකද මේක සම්පූර්ණයෙන්ම ටෲස්ටෝරි එකක් නෙමෙයි කියන්නේ. අධ්‍යක්ෂවරයාට තියෙනවා 'රයිට්' එකක් (අයිතියක්) ඔහුට අවශ්‍ය විදිහට ඒක කියන්න. චිත්‍රපටය නිර්මාණය කරන්න. මගේ යම්කිසි දෙයක් ඔබ දකිනව නම් ඒක අධ්‍යක්ෂකවරයා සහ ටීම් එකේ 'ටීම්වර්ක්' එකක්. කැමරාකරු, තිරනාටකය, අධ්‍යක්ෂකවරයා, අංග රචනය, ඇඳුම් නිර්මාණකරුවන්ගේ සාමුහික වැඩක්. අශෝක ලියලා තියෙන විදිහට තමයි අපේ චිත්‍රපටය රූගත කළේ. එහි 'එඩිටත්' (සංස්කාරකත්) අපිට අමතක කරන්න බෑ. අන්තිමට චිත්‍රපටිය 'ටයිමින්' කරලා එකතු කරලා ප්‍රේක්ෂකයාට ගේන්නේ ඔහු. හොලිවුඩ්වල කෙළින්ම එඩිටට බාර දුන්නට ලංකාවේ සියලු චිත්‍රපට අධ්‍යක්ෂ, සංස්කාරක එකතු වෙලා තමයි කරන්නේ. චිත්‍රපටයට අලුතෙන් දෙයක් දාලා නෑ. තිර පිටපතේ තියෙන දේම තමයි තියෙන්නේ. අපි ගොඩක් කතාබහ කරලා, ස්ක්‍රිප්ට් රීඩින් කරලා තමයි මේක කළේ. ඔක්කොම අය හරියට 'හෝම් වර්ක්' කළා. එහෙම කරලා තමයි චිත්‍රපටිය ආවේ. චිත්‍රපටයක ඉස්සෙල්ලාම පේන්නේ රඟපාන නළුවන් වුණාට හොයාගෙන ගියාම තමයි මේ අය තමයි සම්බන්ධ වුණේ කියලා පෙනෙන්නේ. 
මම අන්තිමට බලපු ෆිල්ම් එකක අවසානයේ 'මේකින් ඔෆ් ද ෆිල්ම්'හි තියෙනවා එකේ අධ්‍යක්ෂකවරයා ගිහිල්ලා රඟපාලා පෙන්නනවා. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරු එහෙමයි. ඔහුට විවිධ විදිහට තමන්ට අවශ්‍ය දේ කරන්න පුළුවන්. සමහර අධ්‍යක්ෂකවරුන් නිහඬයි, සමහරු කෑගහනවා, සමහරු බනිනවා. මම අශෝක එක්ක චිත්‍රපට තුනක් කරලා තියෙනවා. කලින් දෙක කරද්දි ඔහු ඉස්සා වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. මේක කරද්දි ඔහු අසනීප තත්ත්වකින් මිදිලා ආවා. ඒත් දැන් අසනීප තත්ත්වයක් කියලා බොරු කරන්න බැහැ. ඔහුගේ දුවගෙනුත් මම අවසර ගත්තා තාත්තා මේ චිත්‍රපටිය කළාට කමක් නැද්ද කියලා. මොකද දරුවොනේ දුක් විඳින්නේ මේවා නිසා. චිත්‍රපටියේ මම ක්‍රෙඩිට් එක දෙන්නේ අධ්‍යක්ෂකට." යැයි ස්වර්ණා මල්ලවාරච්චි සඳහන් කළාය. 
 
WhatsApp Image 2025 02 07 at 01.36.58
 
 
"ජයවිලාල් විලේ ගොඩගෙඉඳලා රෙජී රණසිංහ හොඳ විචාරකයන් හම්බවෙලා ඇති" පූරකවරියගේ අදහස් දැක්වීමට ස්වාර්ණා අදහස් එකතු කළේ මෙපරිදිය.
 
"බෙනඩික් දොඩම්පේගම, ගාමිණී විජේතුංග, සිරිල් ඩී පෙරේරා කට්ටියනේ ඉස්සර ඕවා 'ක්‍රියේට්' කළේ. දැන් කාලෙ තියෙන්නේ විචාරයට වඩා විවේචනය. ඉස්සර කාලෙ විචාරය කළේ. විවේචනය කළේ නෑ. කාගෙ හරි පැත්තක් අරගෙන චිත්‍රපට කරපු කෙනාගේ එක්ක, නිළියත් එක්ක තරහා
 

 
 
 
Back to top
Go to bottom