නයෝමි තක්‍ෂිලා මේ වනවිට රූපවාහිනී නාට්‍ය රංගන ශිල්පිණියන් අතර වඩාත්ම කාර්යබහුල රංගන ශිල්පිණිය වෙලා තියෙනවා.
ඇය රගපාන ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ වනවිට විවිධ නාලිකා ඔස්සේ දැකගත හැකියි. නයෝමි අනුරාධපුරයේ සිට පැමිණ ටවර්හෝල් නාට්‍ය පදනමෙන් නාට්‍ය හා රංගකාලාව හදාරා රංගනයට ප‍්‍රවිශ්ට වූ ශිල්පිණියක්. මේ වනවිට ඇය වේදිකා නාට්‍ය කේෂත‍්‍රයටද සම්බන්ධ ව සිටිනවා.
නයෝමි කොතරම් කාර්යබහුල වුවත් සිටින්නේ සතුටින්. ඒ ඇය ආදරවන්තියක් නිසා. ඇය ආදරය සම්බන්ධව පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුනේ"මගේ ජීවිතයට බොහෝ දේවල් ලැබුනේ ආදරය නිසා. ඒ බොහෝ දේවල් ලැබුනේ දෙමව්පියන් නිසා. ඒ දෙන්නගෙ සතුට වෙනුවෙන් මම බෙහෝ දේවල් කරන්න උත්සාහ කරනවා. ඒ නිසාම බොහෝ දේවල් සාර්ථක වුනා. ඒ වගේම මේ කාලයේ මම අපූරු ආදරයක් විඳිනවා. ඒක මගේ ජීවිතේ ලැබුනු හොඳම ආදරය කියලයි මම හිතන්නේ .ඒ හින්දා මට අතීතයෙදි අහිමුවන ආදරයන් පිළිබඳව කනගාටුවෙන්නෙවත් පසුතැවෙන්නෙවත් නැහැ."
නයෝමි ඇගේ ටික් ටොක් මාධ්‍ය තුළින් ඇය ගොඩ නගමින් සිටින නව නිවහන පිළිබඳවද විවිධ වීඩියෝ සිය රසිකයින් සමග බෙදා හදාගෙන තිබුනි.
නයෝමි නුදුරේදීම විවාහවනු ඇත. ඇයගේ ඉදිරි ජීවිතයට සුබපැතුම්