lan englan tam

පුවත්

ප්‍රසන්න ෆොන්සේකා දිවි ගමන නිම කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ප්‍රසන්න මහතා  1968 දී කලා ලොවට පිවිස තිබෙන්නේ අක්ක නගෝ චිත්‍රපටයෙනි.තුත්තිරිමල් චිත්‍රපටියේ මාලනී ෆොන්සේකා සමග ප්‍රධාන චරිතය නිරූපණය කර තිබෙන්නේද ප්‍රසන්න ෆොන්සේකා මහතාය. 
 
ඊට අමතරව ‘ශාන්ති’ කතා මාලාවේ කමේෂ් මහ දේවන්ට හඩ කැව්වේ ද ඔහුය.පසුගියදා ටවර් හෝල් රඟහලේදී පැවැත්වුණු අපේක්ෂා නාට්‍ය උළෙලේදී නූර්තී නර්තන ශිල්පියෙකු ලෙස කළ සේවය වෙනුවෙන් ජීවිතය එක් වරක් පමණක් පිදෙන සම්මානයෙන්ද ප්‍රසන්න ෆොන්සේකා මහතා පිදුම් ලැබුවේය.
 
දේහය පිළිබඳ අවසාන කටයුතු 06 සවස 5 ට ඇන්ඩර්සන් පාරේ නිසල නැදිමාල උයන කනත්තේදී සිදු කෙරෙනු ඇත.
Back to top
Go to bottom