අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ‘රාණි’ චිත්‍රපටය මේ වන තිර ගත වීම ආරම්භ වී දින සියයක් පසු කොට තිබෙනවා.
මේ වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කළ ‘LYCA Production’ ආයතනය පසුගියදා චිත්‍රපටයේ සාර්ථකත්වයට උරදුන් ආදරණීය ප්‍රේක්ෂකයින් සියලු දෙනාට සිය ස්තූතිය පිරිනැමීමට ද කටයුතු කොට තිබුණා.
‘රාණි’ චිත්‍රපටයත් සමග ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරය තුළ ඇති උන මේ පිබිදීම ලාංකීය සිනමාවේ ඉදිරිය වෙනුවෙන් ඇති කරන්නේ සුබවාදී බලාපොරොත්තුවක්.
පහතින් දැක්වෙන්නේ ‘රාණි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අශෝක හඳගම විසින් දින සියයක ජයග්‍රහණය ගැන සිය මුහුණු පොතේ තබා තිබූ සටහනයි.
(උපුටාගැනීම)
එකම සිනමා හලක දිනසීයක් ප්‍රදර්ශනය කරනවා කියන්නේම මේ කාලේ ජයග්‍රහණයක්.
මගේ චිත්‍රපටියක් බැනුම් අහනවා කියන්නේ සාමාන්‍ය දෙයක්.
දැන් මගේ හොඳම චිත්‍රපටිය මේක නෙවෙයි අරක කියන අය ඒක ආපු කාලෙත් කිව්වේ ඔය කතාවම තමයි. ඒක හින්දා ඒවා ගැන හිත රිදවා ගන්න තරම් ඒ දෝෂාරෝපණ මට වැදගත් නෑ. මම කරන්නේ මට හොඳයි කියලා හිතෙන මට ඕනා චිත්‍රපටිය.
රාණි චිත්‍රපටියට ටික දෙනෙක් බැන්නට ගොඩක් අය බැලුවා. තාමත් බලනවා. තාමත් බනිනවා. 2025 අවුරුද්දේ සිනමාවේ අලුත් trend එකක් හැදුවා. ඒ ගැන සතුටුයි. විවිධ ශානරයේ චිත්‍රපටි ඇවිත් ඒවා සාර්ථක වෙනවා කියන්නේ
සිනමාවේ නියැලි අපි කාටත් සතුටුවෙන්න පුළුවන් කාරණයක්. හැමදෙයක්ම කඩා වැටිලා තියෙන රටේ ඒකම මදෑ සතුටු වෙන්න.
(මුලාශ්‍රය - අශෝක හඳගමගේ මුහුණු පොත ඇසුරිනි)




