72 වන ලෝක රූ රැජින තරගාවලිය ඊයේ (10) වෙනිදා නිළ වශයෙන් ආරම්භ වූවා.
ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් අගනුවර තෙලන්ගානාහි දීයි.
මෙහි සමාරම්භක උළෙල පැවැත්උනේ හයිද්‍රාබාද්හි ගචිබෝව්ලි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යි. මෙය කලාපීය සංස්කෘතිය විදහා දක්වන උළෙලක් බවට පත් වූවා.
ඉතින්, මෙවර ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ ලාංකීය රූමතිය අනුදි ගුණසේකර බව ඔබ දැනටමත් දන්නවා ඇති.
ඒ අනුව ඊයේ පැවති 72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ සමාරම්භක උළෙලට අනුදි සහභාගී වූයේ ලාංකික අනන්‍යතාවය ලොවට පෙන්වූ අවස්ථාවක් බවට එය පත් කරමින්.
සමාරම්භක උළෙලේදී ලා නිල් පැහැ චාම් එහෙත් සුන්දර ඔසරියකින් සහ ආභරණ වලින් සැරසී සිටි ඈ අලංකාර ලාලිත්‍යවත් ගමනකින් වේදිකාවට ප්‍රවේශ වෙමින් ලොවටම 'ආයුබෝවන්' කියා ආචාර කර සිටියා.
අනුදි සමාරම්භක උත්සවය සදහා මෙම ඇඳුම තෝරා ගැනීමට හේතු වී තිබූ කරුණුත් හරිම විශේෂයි.
එනම්,
1. ලංකාවේ ජාතික පුෂ්පය වන මානෙල් මල සංකේතවත් කිරීමට.
2. ලංකාවේ පළමු රූ රැජිණ වන මානෙල් ඉලංගකෝන්ට උපහාරයක් විදිහට.
3. ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමට අනුදි විසින් ඇරඹූ සහේළි පදනමේ වර්ණය නියෝජනය කිරීමට (20 වන සියවසේ සිට කාන්තා අයිතිවාසිකම් නිරූපණය කරන්න දම් පැහැය අන්තර්ජාතිකව භාවිතා වෙනවා).
මේ ඇඳුමේ සංකල්පය සහ එයින් නිරූපණය වන සංකේතාත්මක අර්ථය සම්පූර්ණයෙන්ම අනුදිගේ අදහසක් බවත් සඳහන්. ඒ වගේම ඇය එය සැලසුම් කිරීම අරඹා ඇත්තේ ඇය Miss Sri Lanka කිරුළ දිනූ දිනයට පසු දිනමයි. එනම් මීට අවුරුද්දකට පමණ පෙර සිටයි.
ඉතින් ,මෙතැන් පටන් ආරම්භ වන ලෝක රූ රැජින තරගයේදී ඉහළම දක්ෂතා දක්වමින් ඉදිරියට ගමන් කිරීමට අප ඇයට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.
පහතින් දක්වා තිබෙන්නේ ඊයේ පැවැති ලෝක රූ රැජින තරගයේ සමාරම්භක උළෙලේදී ලබා ගනු ලැබූ අනුදිගේ ඡායාරූප කිහිපයක්.
https://mirrorarts.lk/news/11020-miss-world-2#sigProId7101dfe892



