lan englan tam

පුවත්

කවුද මේ 'චන්දරේගෙ Wife'?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දවස් වල සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් උන facebook post එකක් තමයි මේ.

මෙය පළ කරලා තිබුණේ 'චන්දරේගේ wife' කියන facebook පිටුව හරහා.

 'චන්දරේගේ wife' - (ඔයාගේ wife වගේ නෙමෙයි)' කියලත් මෙහි සදහන් කරලා තියනවා.

මෙහි එක් post එකක ඇතුලත් උනේ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ ගේ චායාරූපයයි.

495934906 1207624164390511 6209529370417922296 n

ඇත්තටම කවුද මේ එහෙම නැත්නම් මොකක්ද මේ  'චන්දරේගේ wife' කියලා කියන්නේ?

‘සංකාරා’ , ‘කර්ම’, ‘28’, ‘දඩයක්කාරයා’ වැනි චිත්‍රපට නිර්මාණය කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩ්ගේ අලුත්ම සිනමා නිර්මාණය තමයි ‘චන්දරේගේ Wife’ කියලා කියන්නේ.

පසුගිය කාලේ ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුල ඉතා ජනප්‍රිය උන ‘එයා දැන් බැඳලා’ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළේත් ප්‍රසන්න ජයකොඩි විසින්.

ඉතින් ප්‍රසන්න ජයකොඩිගේ අලුත්ම සිනමා නිර්මාණය වන  ‘චන්දරේගේ Wife’ චිත්‍රපටයට සෞම්‍ය ලියනගේ, සරත් කොතලාවල, දුලීකා මාරපන, නදීශා හේමමාලී ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙනවා.

ඉතින් ඉදිරියේදී තිරගත වෙන්න නියමිත මේ චිත්‍රපටය ගැන තවත් තොරතුරු අපිට ළගදීම දැන ගන්න පුලුවන් වෙයි.

පහතින් දක්වලා තිබෙන්නේ මේ ගැන පළ කරලා තිබුන තවත් facebook post කිහිපයක්.

(උපුටා ගැනීම-   ‘චන්දරේගේ Wife’ facebook පිටුව ඇසුරිනි)

495964623 122109757658853120 5745146722861521621 n

495843110 122109027284853120 614283416434998773 n

 

496003839 122110043840853120 7871456146934848012 n

 

 

 

kemadasa

Back to top
Go to bottom