ශ්‍රී ලංකාවේ රූගත කෙරෙන පේට්‍රියට් (Patriot ) සිනමා පටයේ දින කිහිපයක රූගත කිරීම් සඳහා ඉන්දීය මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන සිනමා නළු මෝහන්ලාල් විශ්වනාත් (Mohanlal Viswanathan) සහ ඉන්දීය නළුවෙකු වන කුන්ඩප් බොම්බන් ( Kunchacko Baban) පෙරේදා (15) මෙරටට පැමිණියා.
මෙම සිනමා නිර්මාණය, ඉන්දියාවේ භාෂා 08 කින් (Pan India) තිරගත කිරීමට නියමිතය.
මොවුන් දෙදෙනා පෙරේදා (15) දහවල් 11.20 ඉන්දියාවේ කොචින් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 166 දරන ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශයේ සංචාරයක ප්‍රවර්ධනය සඳහා විදේශීය චිත්‍රපට අංශයේ (Film Tourism Division) නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කොළඹ වරාය, දික්ඕවිට ධිවර වරාය, කොල්ලුපිය දුම්රිය පොළ වෙරළ තීරයක ආදී ප්‍රදේශ කිහිපයක මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරෙන බව වාර්තා වේ.
මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන ඉන්දීය නළු මොහාන්ලාල් විශ්වනාදන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් වනවා. ඔහු (Patriot ) සිනමා පටයේ රුගතකිරීම් සඳහා මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ තෙවැනි වතාවටයි.

ලංකාවට පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් මොහාන්ලාල් විශ්වනාදන් ප්‍රකාශකොට ඇත්තේ ලංකාව රූගත කිරීම් සඳහා ඉතා සුදුසු සහ අලංකාර ස්ථානයන්ගෙන් යුත් නැවුම් සැකැස්මකින් යුත් බවත් තමා දැනටමත් ශ්‍රී ලංකාවේ තවත් චිත්‍රපට රූගත කිරීමට සැළසුම් කරමින් සිටින බවයි.




