ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත " ද කේජ්ඩ් බර්ඩ් "( The Caged Bird) චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිතය රගපෑමට නියමිතව සිටින සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත්කුමාර් අද (17) මෙරටට පැමිණියා.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ සිනමා කරු චන්ද්‍රම් රත්නම් විසින්.
සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් අද දින පෙරවරු 11.04 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණ තිබුණා.

ඇයව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජාත්‍යන්තර සිනමාකරණ හා ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ කටුනායක ගුවන් තොටුපොළ " සිල්ක් රූට් " පර්යන්තය වෙත පැමිණ සිටියා.





