ශ්රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2025, ජූනි මස 23 දින සිට 29 දින දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්රයේදී පැවැත්වෙනවා.
ප්රදර්ශනය අදාල දිනවල උදෑසන 9.00 සිට රාත්රී 7.00 දක්වා විවෘතයි.
විශේෂ වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට මෙන්ම සාහිත්ය කතිකාවත්, පොත් එළිදැක්වීම්, විවිධ ප්රසංග, සංගීත සැදෑවන් ආදී බොහෝ දෙයෙහි රස වින්දනයට මෙහිදී ඔබට අවස්ථාව හිමි වනවා.
මීට සහභාගී වන ලෙස පොත් ප්රකාශකයන්ගේ සංගමය ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.




