මෙරට සංගීත ක්ෂේත්‍රයේ 70-80 දශකයන් වර්ණවත් කල ශ්‍රී ලාංකික සංගීත ඉතිහාසය තුළ නොමැකෙන නමක් වන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුණු "ක්ලැරන්ස් - Rhythm of the Guitar" අලුත්ම සිංහල චිත්‍රපටය 2025 ජූනි 27 වනදා පටන් දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වෙනවා.
සාරංග දිසාසේකර - දිනක්ෂි ප්‍රියසාද් - දමිත් විජයතුංග - ධනුෂ්ක ඩයස් - ඉඳුවර සූරියබණ්ඩාර, නිහාරි පෙරේරා, ඉශංකා ජහන්වී, ෆර්නි රෝෂිනි, ශ්‍රීමාල් වෙඩිසිංහ, දනුෂ්ක ඩයස්, ඉඳුවර සූරියබණ්ඩාර.. වැනි ජනප්‍රිය රංඟන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
ගායකයෙකුගේ ජීවිත කතාව පාදකකොට ගෙන ලංකාවේ නිර්මාණය වන ප්‍රථම චිත්‍රපටය වන මෙහි ක්ලැරන්ස් විජේවර්ධනගේ චරිතය නිරූපණය කරන්නේ රංගන ශිලිපී දමිත් විජේතුංග විසින්.
ඒ වගේම චිත්‍රපටයේදී 70, 80 දශකයේ මෙරට සංගීතයේ නැවුම් වෙනසක් කළ ‘ත්‍රී සීස්ටර්’ සංගීත කණ්ඩායමේ මල්ලිකා පෙරේරා, ඉන්දානි පෙරේරා සහ අයිරාංගනී පෙරේරාගේ චරිත ජීවමාන කරන්නේ දිනක්ෂි ප්‍රියසාද්,ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් යන තරුණ පරපුරේ රංගන ශිල්පිනියන් තිදෙනා විසින්.
"ක්ලැරන්ස්" - Rhythm of the Guitar චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ තේජා ඉද්දමල්ගොඩ යි.
‘ආශාවරී’ සිනමාපටයෙන් පසුව ඔහුගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය මෙය වන නමුත්, පසුගිය වසරේදී හදිසි රෝගී තත්වයක් මත අවාසනාවන්ත අයුරින් ඔහු ජීවිතයෙන් සමුගත්තා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ KCC නිර්මාතෘ තුසිත විජයසේන විසින්
කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා විසින් වන අතර සංගීතය අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද විසිනි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පතතින් නරඹන්න>>>




