lan englan tam

පුවත්

චන්ද්‍රන් රත්නම් සිනමාවට නගන රිසානාගේ කතාව “RIZANA – A Caged Bird”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සිනමාකරු චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ නවතම සිනමා නිර්මාණය තමයි “Rizana – A Caged Bird”  කියන්නේ.

මේ සිනමා නිර්මාණයේ වැඩ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතිනවා.

මේ චිත්‍රපටය කාරණා කිහිපයක්ම නිසා ඉතා විශේෂ සිනමා නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

පළවෙනි කාරනාව තමයි මේ චිත්‍රපටය නිර්මාණය කිරීමට පසුබිම් වන කතාව.

‘Rizana’ චිත්‍රපටයේ කථාව ගොඩනැගෙන්නේ ශ්‍රී ලාංකික තරුණියක් වූ රිසානා නෆීක් (Rizana Nafeek) ගේ සත්‍ය ජීවිත කතාව පසුබිම් කරගෙනයි.

සවුදි අරාබියේ ගෘහ සේවයට ගොස් සිටි තරුණියක් වූ රිසානා නෆීක් 2005 වර්ෂයේදී ඇය භාරයේ සිටි මාස හතරක බිළිදෙකු මිය යාම පිළිබඳව සිදුවීමට වගකිව යුතු බව පවසමින් අදාළ බිළිදාගේ දෙමවුපියන්ගේ පාර්ශවයෙන් චෝදනා එල්ල වූවා.

පසුව ඇයව මෙම සිදුවීමට වරදකරු කරමින් ඇයට සවුදි අරාබියේදී මරණ දඩුවම ලබා දෙනු ලැබු අතර මෙම දඩුවමට ඇයව ලක්කිරීම ගැන බොහෝ පිරිසකගෙන් විරෝධය එල්ල වූයේ ඇයට මරණ දඩුවම ලබා දීම ඉතා අසාධාරණ බව පවසමින්.

විශේෂයෙන්ම ඇය එම සිදුවීම වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කර නොතිබු තැනැත්තියක් වූවා.

ඉතින්, රිසානා  පිළිබඳ කතාව සිනමාවට නැගීම පිළිබදව මෙහි අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් අදහස් පළ කරලා තිබුණා.

ඔහු සදහන් කළේ රිසානා නෆීක් ගේ සිදුවීම තමාට එම කාලයේ තදින් බලපෑ සිදු වීමක් වූ බවත් එය කිව යුතු කතාවක් බව තමාට දැනුණ බවයි.

කෙසේ වෙතත්  තමාගේ එම සිනමා සිහිනය ජාත්‍යන්තරව ගෞරවයට පත් වී නළු නිළියන් ද එක් කරගෙන සාර්ථකත්වයට පත් කර ගැනීමට හැකි වූයේ ජගත් සුමතිපාල මහතාව අහම්බෙන් මුණ ගැසීමට ලැබුන නිසා බවත් ඔහු ප්‍රකාශ කරනවා.

එමෙන්ම තමා මෙම කතාව ලෝකයට ගෙන යන බවත් මෙවැනි සිදුවීම් ගැන මිනිසුන්ගේ දැනුවත් භාවය ඇති කිරීමට මෙම චිත්‍රපටය සමත් වනු ඇති බවත් ඔහු සදහන් කළා.

ඉතින් මේ චිත්‍රපටයේ කතාව වගේම මෙය වැදගත් වන තවත් හේතුවක් තමයි මීට ජාත්‍යන්තර ගෞරවයට පත් නළු නිළියන් රංගනයෙන් එක් වීම.

එනම්, මෙම චිත්‍රපටයට ඔස්කාර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ සුප්‍රකට හොලිවුඩ් නළු ජෙරම් අයන්ස් (Jeremy Irons) රංගනයෙන් දායක වීමට නියමිතයි. පසුගියදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ මෙම චිත්‍රපටයට දායක වීම සඳහායි.

509418406 728282596231165 8800009987111531355 n 1

 

එමෙන්ම අතිශය ජනප්‍රිය ඉන්දියානු - දමිළ නිලියක වන වරලක්ෂ්මි සරත්කුමාර් ද මීට රංගනයෙන් දායක වීමට නියමිත අතර ඇය ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

508708375 728282606231164 3005846361736362547 n 1

 

එමෙන්ම මෙහි රිසානාගේ චරිතය නිරූපණය කරන්නේ සිනමාවට හඳුන්වාදෙන නිළි විදුෂිකා රෙඩ්ඩි විසින්.

510482374 732563225803102 7838730032745837938 n

 

ඉතින්, මෙම ජත්‍යන්තර නළු නිලියන්ද සම්බන්ධ කර ගෙන තමයි  “Rizana – A Caged Bird” චිත්‍රපටය ගොඩ නැගෙන්නේ

කොහොම උනත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන චන්ද්‍රන් රත්නම් හට ජාත්‍යන්තර සිනමාව අලුත් අත්දැකීමක් නොවෙයි.

Chandran Rathnam

ඔහු 'අලිමංකඩ' - 'A Comman Man' - 'According to Mathew' ආදී චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙන චන්ද්‍රන් රත්නම්, ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් සිනමාපට රැසකම line producerවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

'Indiana Jones & Temple of Doom', 'Ready',  'Water', 'Jism 2' වැනි සිනමාපට ඔහු සම්බන්ධ වූ විදෙස් නිර්මාණ අතරෙ හි දැකගන්නට හැකියි.

මෙම චිත්‍රපටය සඳහා නිෂ්පාදන දායක්ත්වය දරන්නේ සුමති ස්ටූඩියෝස් වෙනුවෙන් ජගත් සුමතිපාල විසිනුයි.ඒ අනුව මෙම චිත්‍රපටය හරහා සුමති ස්ටූඩියෝස් අන්තර්ජාතික තලයට සිය සිනමා නිර්මාණ ගෙන යාමට ද අපේක්ෂිතයි.

ඉතින් ඉදිරියේදී රිසානා “Rizana – A Caged Bird” චිත්‍රපටය ගැන තවත් තොරතුරු ඔබට ගෙන එන්නම්.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom