අසනීප තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පී ඉෂාක් බෙග් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකොට තිබෙනවා.
ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ගායන ශිල්පී ඉෂාක් බෙග් ගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඔහුගේ නිවෙසට ඊයේ (29) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි.
එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්‍රදානය කෙරුණු රුපියල් 1,000,000 ක චෙක්පත ඔහු වෙත පිරිනමා තිබෙනවා.
මෙම අවස්ථාවට ගායක ගායිකා සංගමයේ නිලධාරීන් පිරිසක්ද එක්ව තිබුණා.





