ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ Lyca productions සාඩම්බර දෙවැනි සිනමා නිෂ්පාදනය වන ‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ box office ආදායම මේ වන විට රුපියල් මිලියන 100 යේ සීමාව ඉක්මවා යාමට සමත් වී තිබෙනවා.
පසුගිය මැයි 22 වනදා ‘දේවිකුසුමාසන’ චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කළ අතර මේ වන විටත් දිවයින පුරා සිනමාශාල වලදී චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා.
මහනුවර රාජධානියේ රාජ්‍ය පාලනය කළ කුසුමාසන රැජින සහ කොනප්පු බණ්ඩාරගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන අතර මහේන්ද්‍ර පෙරේරා, සනත් ගුණතිලක,මේඝ සූරියාඅරච්චි, චිලී තිවංක, ශ්‍රියන්ත මෙන්ඩිස්,ලක්ෂ්මි දමයන්ති, ඩිස්නි රාජපක්ෂ ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වනවා.
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලැබුයේ දිනේෂ් සුබසිංහ විසින්.
‘දේවි කුසුමාසන’ චිත්‍රපටය නිෂ්පාදනය කළ Lyca productions ආයතනය මීට ප්‍රථම නිෂ්පාදනය කළ ‘රාණි’ චිත්‍රපටය ද ලොව පුරා ලැබූ ආදායම රුපියල් මිලියන 250 සීමාව ඉක්මවා යමට සමත් වූවා.





