lan englan tam

පුවත්

මොරීන් හින්ගර්ට්: හොලිවුඩයට ගිය පළමු ලාංකික රූ රැජිනිය දිවි ගමන නිම කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික රූ රැජිනියක, නර්ථන ශිල්පිනියක මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයට ගිය ප්‍රථම ලාංකික කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 88 වැනි වියෙහි පසු වූ ඇය 1937 ජනවාරි 9 වැනි දා කොළඹ දී උපත ලැබුවා. 

1955 දී මිස් සිලෝන් කිරුළ හිමිකර ගත් ඇය එම වසරේදීම මිස් යුනිවර්ස් තරගයට ඉදිරිපත් වූ අතර එහිදී තුන්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වූවා. 

ඉන් අනතුරුව ඇයට හොලිවුඩයේ වරම් හිමි වූ අතර 1957 දී ඇය “Gun Fever” නම් හොලිවුඩ් චිත්‍රපටයේ රගපෑමට අවස්ථාව ලැබී තිබුණා. 

එම චිත්‍රපටයේ දර්ශනවල ඇගේ ඡායාරූපයන් ජනප්‍රිය 'play boy' සඟරාවේ ද පළවූ අතර play boy සඟරාවේ රුව පළවූ පළමු සහ එකම ලාංකික කාන්තාව වන්නේද ඇයයි. 

ඇය 20th Century Fox හා Universal Intentional Studios යන ප්‍රකට චිත්‍රපට සමාගම් සමග ගිවිසුම් ගත වී චිත්‍රපට සදහා දායක වූ බව සදහන් වනවා.

ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර  The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillers of the Sky, Dangerous Search, Gunmen from Laredo, The Rawhide Trail සහ British TV Series Captain David Grief වැනි චිත්‍රපට වනවා.

දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය, ඇගේ එක් දියණියක් පිළිකා රෝගයෙන් මිය යෑමත් සමග ලොසැන්ජලීස් නුවරට වී මාධ්‍යයෙන් දුරස් වූ ජීවිතයක් ගෙවූ බවත් සඳහන්. 

හොලිවුඩය ජය ගත් මොරීන් හින්ගර්ට්ගේ අභාවය පිළිබඳ මෙරට ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇන්ජලා සෙනෙවිරත්න ද සිය ෆේස් බුක් ගිණුම හරහා සටහනක් එක් කොට තිබුණා.

kemadasa

shungara

Back to top
Go to bottom