lan englan tam

පුවත්

ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ‘රිවස්ටන්’ ළඟදීම රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, චීනයේ පැවති 27 වන ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (SIFF) හොඳම තිර පිටපත සහ හොඳම කැමරාකරණය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ “රිවස්ටන්” සිංහල චිත්‍රපටය ළඟදීම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිරගත වීමට සූදානම් බවයි වාර්තා වෙන්නේ.

 

'රිවස්ටන්' චිත්‍රපටය ලලිත් රත්නායකගේ දෙවන සිනමා නිර්මාණය වන අතර මීට පෙර සම්මානනීය සිනමා නිර්මාණයක් වූ 'විෂම භාග' චිත්‍රපටයද ඔහුගේ අධ්‍යක්ෂණයක්. 

'රිවස්ටන්'  චිත්‍රපටයේ තිර රචනය සිදු කළේද ලලිත් රත්නායක විසින්ම වන අතර කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රභාත් රොෂාන් කටයුතු කළා.

මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර,රන්දික ගුණතිලක...ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.

චිත්‍රපටයට නිෂ්පාදනය කළේ නිමන්ති පෝරගේ විසින්.

ඉතින්, නුදුරේදීම ප්‍රේක්ෂක ඔබට මෙම සම්මානනීය සිනමා නිර්මාණය දැක ගන්නට අවස්ථාව ලැබේවි.

 

514400300 736033435456081 8704047753188970524 n

(පෝස්ටර් නිර්මාණය: 'Kalaavata')

kemadasa

shungara

Back to top
Go to bottom