lan englan tam

පුවත්

සුපිරි නළු ශාරුක් ඛාන් අගෝස්තු 02 දා ශ්‍රී ලංකාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එළඹෙන අගෝස්තු 02 දා කොළඹදී විවෘත වන City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

‘City of Dreams Sri Lanka’ නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් එක්ව සිදු කළ දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය ලෙස සැලකෙනවා.

පෞද්ගලික අංශයේ දැවැත්ත ආයෝජනයක් වන මෙය, ශ්‍රී ලංකාවේ මෙතෙක් සංචාරක සහ විනෝදාස්වාද කර්මාන්තයේ සිදු වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසද හැඳින්වෙනවා.

Cinnamon Life හෝටලය දැනටමත් විවෘත කර ඇති අතර, කැසිනෝ ශාලාව සහ Nüwa හෝටලය ඇතුළු අවසාන අදියර අගෝස්තු 2 වන දින විවෘත කිරීමට නියමිතයි.

kemadasa

shungara

Back to top
Go to bottom