lan englan tam

පුවත්

ජනප්‍රිය K- drama නිළි ලී සියෝ- යී මියයයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය දකුණු කොරියානු නිළියක වන ලී සියෝ - යී (Lee Seo-yi) මියගොස් තිබෙනවා.

මිය යන විට ඇය 43 වන වියේ පසුවිය.

ඇගේ මරණය පිළිබඳ ලී සියෝ -යී ගේ කළමණාකරු විසින් ඊයේ (01) දිනයේ Instagram පණිවිඩයක් මගින් තහවුරු කර තිබෙන අතර එම පණිවිඩයේ ඇය මිය ගිය දිනය ලෙස සඳහන් වන්නේ ජූනි 20 වන දිනයි. ඒ අනුව ඇගේ අභාවය පිලිබඳව පුවත ප්‍රසිද්ධ වන්නේ මරණයෙන් සතියකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගිය පසුවයි.

එමෙන්ම ඇයගේ මරණයට තවමත් නිශ්චිත හේතුව අනාවරණය කර නොමැති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

1 800x500 1

 

1982 අප්‍රේල් 18 වන දින උපත ලැබූ ලී සියෝ-යි 2013 වර්ෂයේ දී කොරියානු ඓතිහාසික ටෙලි නාට්‍ය කතා මාලාවක් වූ ‘Hur Jun, The Original Story’ හරහා වඩාත් වැඩි ජනප්‍රියත්වයක් අත්කරගත් අතර පසුව 'Cheongdamdong Scandal', 'City of the Sun', 'Bravo My Life', 'Romance Special Law and Pegasus Market'.. වැනි කොරියානු ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් එක් වී තිබෙනවා.

ඇය අවසන් වරට රංගනයෙන් එක්වී ඇත්තේ මෙම වසරේ මැයි මාසයේදී ‘The Divorce Insurance’ නැමැති ජනප්‍රිය හස්‍යොත්පාදක කොරියානු ටෙලි කථා මලාවටයි.

 

kemadasa

shungara

Back to top
Go to bottom