‘The Famous Five’, 'Secret Seven', ‘Noddy’… වැනි නවකතා ලියූ සුප්‍රකට ළමා කතුවරිය Enid Blyton ව ඔබ දන්නවා ඇති.
ඔන්න, ඇයගේ ජනප්‍රිය ‘Malory Towers’ නවකථාව ඇසුරින් නිර්මාණය වූ (‘Malory Towers’ ටෙලි කථා මාලාව) සිංහල හඩකැවීම් සහිතව එළඹෙන ජූලි 14 වනදා සිට TV Derana නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි.
ඒ අනුව සෑම සතියේ දිනකම සවස 5.25 ට මෙම කතා මාලාව විකාශය වෙනවා.
"Malory Towers" ටෙලි කථා මාලාව මුල්වරට 2020 වර්ෂයේදී එංගලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විකාශය වූ අතර මෙය එංගලන්තය සහ කැනඩා නිෂ්පාදන සමාගම් ද්විත්වයක නිෂ්පාදනයක්. මෙම කතා මාලාව කතා සමයන් 06 කින් සහ කොටස් 84 කින් සමන්විත වෙනවා. මෙහි 6වන කතා සමය මෙම වසරේ මැයි 18 වනදා නිකුත් වූවා.
වීඩියෝව මෙතනින් නරඹන්න>>




