ඉන්දීය සුපිරි නළු කමල් හසන්ට 'ඔස්කාර්' ඇකඩමියේ ( Academy of Motion Picture Arts and Sciences) ඡන්දදායකයෙකු ලෙස සම්බන්ධ වීමට එම ඇකඩමිය විසින් නිල වශයෙන් ආරාධනා කර තිබෙනවා.
ඒ අනුව ඡන්දය ප්‍රකාශ කරන සාමාජිකයෙකු ලෙස කමල් හසන් 2025 සඳහා ආරාධිතයින් 534 දෙනෙකුගෙන් යුත් තෝරාගත් කණ්ඩායමකට සම්බන්ධ වෙමින් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූවන් සහ ජයග්‍රාහකයින් තීරණය කිරීමට සම්බන්ධ වනු ඇති.
මෙවර ඔස්කාර් ඇකඩමියේ ආරාධිත ලැයිස්තුවට රටවල් 60කට අධික සංඛ්‍යාවක දක්ෂතා නියෝජනය කරන අයුෂ්මාන් කුරානා , ජේසන් මොමෝවා , අරියානා ග්‍රෑන්ඩ් සහ තවත් බොහෝ කැපී පෙනෙන නම් ඇතුළත් වන අතර සිනමාව තුළ විවිධත්වය සහ ගෝලීය ඇතුළත් කිරීම සඳහා ඇකඩමියේ කැපවීම ද මෙයින් පිළිබිඹු වෙනවා.
එමෙන්ම මෙය කමල් හසන්ගේ කලාත්මක විශිෂ්ඨත්වය සහ කැපවීම ඉන්දියානු සිනමාව ගෝලීය වේදිකාවේ ඉහළට ඔසවා තැබූ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.
ඔස්කාර් සම්මාන උළෙල ගැන තවත් ලිපි පහතින් කියවන්න>>




