lan englan tam

පුවත්

ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය වන “Ramayana” චිත්‍රපටය ගැන අලුත්ම විස්තර මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2026 වසරේ නොවැම්බර් 08 නිකුත් වීමට නියමිත, ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කරන චිත්‍රපටය ලෙස සැලකෙන "Ramayana" (රාමායන)  චිත්‍රපටයේ හඳුන්වාදීමේ වීඩියෝවක් අද (03) නිකුත් කර තිබෙනවා.

ඉන්දියානු වාර්තා වලට අනුව මෙම චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 835 ක් ( ඇමරිකානු ඩොලර් මිලියන සියයකට ආසන්න මුදලක්) වැය වන බවයි සදහන් වෙන්නේ.

මේ දක්වා වැඩිම වියදමක් දරා නිර්මාණය වූ ඉන්දියානු චිත්‍රපටය ලෙස සැලකෙන්නේ “Kalki” චිත්‍රපටය වන අතර එහි නිෂ්පාදන වියදම ලෙස සදහන් වන්නේ ඉන්දියන් රුපියල් කෝටි 600 ක්. ඉන්දියන් රුපියල් කෝටි 550 ක නිෂ්පාදන වියදමකින් නිර්මාණය කළ "RRR" චිත්‍රපටය දෙවන ස්ථානයේ පසු වූවා.

 

රාම - රාවණ කතාව ඇසුරින් නිර්මාණය වන “Ramayana” චිත්‍රපටයේ ‘රාම’ ගේ චරිතය රන්බීර් කපූර් විසින් ද 'සීතා' ගේ චරිතය සායි පල්ලවී විසින් ද නිරූපණය කරන අතර ‘හනුමාන්ගේ’ චරිතය සදහා 'Sunny Deol' දායක වෙනවා. එමෙන්ම මෙහි 'රාවණ' ගේ චරිතය නිරූපණය කරන්නේ K.G.F ජනප්‍රිය චිත්‍රපටවල ප්‍රධාන චරිතය නිරූපණය කළ යාෂ් විසින්.

මීට අමතරව බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නිතේෂ් තිවාරි (Nitesh Tiwari) විසින්. ඔහු සම්මානනීය දන්ගල් (Dangal) වැනි චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයා වනවා.

“Ramayana” චිත්‍රපටය 'IMAX' සිනමාපටයක් ලෙසින් රූගත කෙරෙන අතර මෙම චිත්‍රපටයේ VFX (විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග) නිර්මාණය සඳහා දායක වන්නේ Inception, Interstellar, Ex Machina, Blade Runner 2049, First Man, Tenet, Dune වැනි විශිෂ්ඨ ගණයේ හොලිවුඩ් චිත්‍රපට සඳහා VFX නිර්මාණය කළ DNEG ආයතනය වීම විශේෂත්වයක්. 

එමෙන්ම මෙහි සංගීත නිර්මාණය සඳහා දායක වන්නේ ඔස්කාර් සම්මානලාභී සංගීත වේදීන් දෙපළක් වන ඉන්දියානු සංගීතවේදී A. R රහුමාන් සහ ජර්මානු ජාතික සංගීත නිෂ්පාදකයෙකු වන හාන්ස් ෂිමර් (Hans Zimmer) වීම තවත් විශේෂත්වයක් වනවා.

‘Ramayana’ චිත්‍රපටයේ දෙවන කොටස 2027 වසරේ දීවාලි දිනයේ නිකුත් වීමට නියමිතයි.

පහතින් දැක්වෙන්නේ අද දිනයේ අන්තර්ජාලයට නිකුත් කර තිබූ මෙහි ප්‍රථම හඳුන්වාදීමේ වීඩියෝවයි.

kemadasa

shungara

Back to top
Go to bottom