‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටය ඔබ වෙත ගෙන ආ චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ “ආයු” චිත්‍රපටය එළඹෙන ඔක්තෝම්බර් මාසයේ සිට තිරගත වීමට නියමිත බව වාර්තා වෙනවා.
‘ආයු’ යනු ආදරය, අධිෂ්ඨානය, ධෛර්‍ය පිළිබඳව හෘදයාංගම කතාවකි.
ජගත් මනුවර්ණ, අශාන් ඩයස්, සැන්ඩ්‍රා මැක් ප්‍රධාන රංගනයෙන් එක් වූ “ආයු” චිත්‍රපටයට ප්‍රියන්ත සිරිකුමාර, මාලිනී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, නලින් ලුසේනා, සමනලී ෆොන්සේකා ඇතුලු තවත් නළු නිළියන් රැසක් රංගනයෙන් එක්ව තිබෙනවා.
තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සම්මාන උළෙලවල් රැසක් නියෝජනය කරමින් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ “ආයු” ඔක්තෝම්බර් මාසයේ සිට දිවයින පුරා සිනමා ශාලා වලදී ප්‍රේක්ෂක ඔබට නැරඹීමට අවස්ථාව උදා වනු ඇති.






