lan englan tam

පුවත්

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සමාරම්භයේ ශ්‍රී ලංකා ජාතික ගීය ගැයූ නුවන්ධිකා සේනාරත්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) අරම්භ වූ අතර එහි ප්‍රථම තරගය ලෙස ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ බිමට එක්වූවා.

මෙහිදී, තරගයයට පෙර සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව හිමිඋනේ ශ්‍රී ලාංකික තරුණ සම්මානනීය ගායන ශිල්පිනියක් වන නුවන්ධිකා සේනාරත්න හටයි.

වීඩියෝව නරඹන්න මෙතනින් - Click Here

මෙය වඩාත් සුවිශේෂී අවස්ථාවක් වූයේ ඇයට මෙම අවස්ථාව හිමි උනේ ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පිණී ශ්‍රේයා ඝෝෂාල් සමග වීම නිසායි.

ඒ අනුව නුවන්ධිකා ශ්‍රී ලාංකික ජාතික ගීය ගායනා කරන විට අනෙක් පසින් ශ්‍රේයා ඝෝෂාල් ඉන්දීය ජාතික ගීය ගායනා කළා.

557463982 1246391453957483 4651699984781839509 n 1 

ලෝකයේම අවධානය යොමු වූ අවස්ථාවක ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඔසවා තැබූ අවස්ථාවක් බවට පත් වූ මෙය වඩාත් සුවිශේෂී මොහොතක් විය. 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom