සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් බිලියන පතියන්ගේ සමාජයට එක්වෙමින් ලොව Entertaintment ඛාණ්ඩයේ තරු අතර ධනවත්ම පුද්ගලයා බවට පත් වීමට සමත් වී තිබෙනවා.
ඒ මීට පෙර එම ස්ථානයේ සිටි සුප්‍රකට ඇමරිකානු පොප් ගායන ශිල්පිනී ටේලර් ස්විෆ්ට් අභිබවා යමින්.
ඊයේ දිනයේ නිකුත් කරනු ලැබූ ‘Hurn Indian Rich List 2025’ වාර්තා වලට අනුව ෂාරුක් ඛාන්ගේ සමස්ථ වත්කම් මේ වන විට ඩොලර් බිලියන 1.4 ඉක්මවා යාමට සමත්ව තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක වත්කම් හිමි ටේලර් ස්විෆ්ට් අභිබවමින් ඔහු තරු කණ්ඩයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වෙනවා.
ඉන්දියාවේ ධනවත්ම රංගන ශිල්පියා ද වන ෂාරුක් ඛාන් චිත්‍රපට වලින් ලැබූ ආදායම්, IPL හිමිකාරීත්වය මෙන්ම ගෝලීය ආයෝජන හරහා ෂාරුක් ඛාන් මෙම ආදායම් ලැබිමට සමත්ව ඇති බවයි ඉන්දියානු මාධ්‍ය සදහන් කරන්නේ.
එමෙන්ම සුපිරි හොලිවුඩ් තරු වන Arnold Schwarzenegger (ඇ.ඩො.බි.1.2), Jerry Seinfeld (ඇ.ඩො.බි.1.2) , Tom Cruise, Dwayne Johnson.. වැනි ප්‍රකට පුද්ගලයන්ගේ ආදායම් වර්තාද ඉක්මවා යාමට මේ අනුව ෂාරුක් ඛාන් සමත් වනවා.




