ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙරට ජනප්‍රිය යූටියුබර්ස්ලා හත්දෙනෙක් එකම චිත්‍රපටයකින් ඔබ හමුවට එන "ඒක තමයි මේක" චිත්‍රපටය ළගදීම තිරගත වන්නට සූදානම්.
මෙහි පළමු පූර්ව ප්‍රචාරක පටයද ( Teaser Trailer) දැන් නිකුත් කොට තිබෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රජ හොරු, මයි නේම් ඊස් බන්දු, හොරා පොලිස්, ද ගේම්.. වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සුරංග ද අල්විස් විසින්.
'ලෝචි', 'රැට්ටා', 'ජනයි ප්‍රියයි', 'ලකයි සිකයි', 'සිරිල් අයියා' යන ජනප්‍රිය යූටියුබ් අන්තර්ගතයන් නිර්මාණකරුවන් හත් දෙනා මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වෙනවා.
මීට අමතරව රන්ජන් රාමනායක, ජනිත් වික්‍රමගේ, සංජානා ඔනාලී, සංගීත් ප්‍රභූ, කළණ ගුණසේකර, දමිතා අබේරත්න, වින්සන් ගුනරත්න, ආනන්ද වික්‍රමගේ, පියුමි බොතේජු... ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා.
මෙහි තිර පිටපත නිර්මාණය කළේ සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ විසින්.
විදේශගත වීමට ලංකාවේ විවිධ පලාත්වලින් කොළඹට පැමිනි තරුණයන් පස් දෙනෙකුට සහ එක තරුණියකට කොළඹදී මුහුන දීමට සිදුවෙන සිදුවීම් මාලවක් පාදක කරගෙන තමයි කතාව ගොඩනැගෙන්නේ.
‘ෆන්කි ඩට්” මෙහි සංගීතය සඳහා දායකවන අතර චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ගාමීනී මොරගොල්ලාගම විසින් සිදු කොට තිබෙනවා.
නිෂ්පාදනය රූපහල ප්‍රඩක්ෂන් සහ සංගීතා ෆිල්ම්ස්
චිත්‍රපටයේ නවතම පළමු පූර්ව ප්‍රචාරක පටය සහ නිල ගීතය නරඹන්න පහතින්.




