lan englan tam

පුවත්

Mrs Sri Lanka World 2025 කිරුළ සබීනා යූසෆ් ජයග්‍රහණය කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර,Mrs Sri Lanka World 2025 කිරුළ ජයග්‍රහණය කිරීමට සබීනා යූසෆ් සමත් වූවා.

ඒ අනුව ඇය ඉදිරියේදී පැවැත්වෙන ලෝක විවාහක රූ රැජිණ (Mrs. WORLD) තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වනු ඇති.

තවමත් 25 හැවිරිදි වියේ පසුවන සබීනා යූසෆ් ශ්‍රී ලංකාවේ සහ ඩෙන්මාර්කයේ දිවිත්ව පුරවැසිභාවය දරන අතර ඇය ව්‍යවසායිකාවක් ලෙස කටයුතු කරනවා. ඇය විවාහ වී සිටින්නේ Zakaria Yousaf සමගයි.

ඊයේ (02) පස්වරුවේ රත්මලානේ පිහිටි සිරස Stein Studio හීදී Mrs Sri Lanka World 2025  අවසන් මහා තරඟය පැවැත්වුණු අතර අවසන් වටයට තේරී පත් වූ තරගකරුවන් පස්දෙනෙක් අතරින් ජයග්‍රාහිකාව තෝරා ගනු ලැබුවා.

මෙම අවස්ථාවට විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් 2024 ලෝක විවාහක රූ රැජින කිරුළ ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු ජාතික Tshego Gaelae සහභාගී වීම ද විශේෂත්වයක්.

මෙම තරගයේ ජාතික අධ්‍යක්ෂක ලෙස චන්දිමාල් ජයසිංහ කටයුතු කරන අතර ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක කටයුතු කරනවා.

 

ඡායාරූප - Mahen Muditha (Mahen.lk)

 

557459328 1359785655513668 8081822954492441090 n

557606254 1359785522180348 4366304887054760111 n

558032787 1359785878846979 8081385082693546105 n

557579919 1359785538847013 6602297135349333222 n

 

 

kemadasa

shungara

Back to top
Go to bottom