lan englan tam

පුවත්

“මදර් ලංකා” සාර්ථක දින 50 පසු කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනූෂ එදිරිමුණි විසින් අධ්‍යක්ෂණය කළ 'මදර් ලංකා' (Mother Lanka) නවතම සිංහල චිත්‍රපටය, තිරගත වීම් ආරම්භ වී සාර්ථක දින 50 පසු කිරීමට සමත් වී තිබෙනවා. 

චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය අගෝස්තු 14 වනදා සිටයි.

ඒ අනුව මේ වන විට ජයග්‍රාහී ලෙස 'මදර් ලංකා' චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වෙනවා.

 

558954955 122185619612363940 499080014743208052 n

 

ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරි යුවතියක් , ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැළඳගත් යෙහෙළියක් සමගින් එක්ව , විජයග්‍රාහි දැරියක් බිහිකිරීම වෙනුවෙන් දරණ වෑයමයි මදර් ලංකා චිත්‍රපටය.

 'මදර් ලංකා' චිත්‍රපටයට තරින්දි ප්‍රනාන්දු, සෙනුකි දිශල්‍යා (හඳුන්වා දෙන), ධනංජය සිරිවර්ධන යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර බිමල් ජයකොඩි, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, හර්ෂිකා රත්නායක, ධර්මප්‍රිය ඩයස්, කළණ ගුණසේකර, චතුරංග කොඩිතුවක්කු, හේෂානි ලියදිපිට, මාදිනි මල්වත්ත, සරත් කොතලාවල, කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණයන් රැසක් ද රංගයෙන් දායක වෙනවා.

තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසුරිය, කැමරාකරණයෙන් රංගන එස්. බණ්ඩාර ,අංග රචනයෙන් නයන උදිත් , කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙනුවන් , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න, සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන, සමූහ  අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් හා නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහෙට්ටිආරච්චි  එක්වී ඇති " මදර් ලංකා "  ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි.

දැන් ඔබට ළඟම සිනමා ශාලාවේදී 'මදර් ලංකා' චිත්‍රපටය නැරඹිය හැකියි.

 

චිත්‍රපටය පිළිබඳ තොරතුරු - 'Anton J. Fernando' ෆේස්බුක් පිටුව ඇසුරිනි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්.

 

kemadasa

shungara

Back to top
Go to bottom