චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය “ආයු” දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.
චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ ඔක්තෝම්බර් 02 සිටයි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහත වීඩියෝවෙන්.
‘ආයු’ යනු ආදරය, අධිෂ්ඨානය, ධෛර්‍ය පිළිබඳව හෘදයාංගම කතාවක් අන්තර්ගත චිත්‍රපටයකි.
ජගත් මනුවර්ණ, අශාන් ඩයස්, සැන්ඩ්‍රා මැක් ප්‍රධාන රංගනයෙන් එක්වන “ආයු” චිත්‍රපටයට ප්‍රියන්ත සිරිකුමාර, මාලිනී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, නලින් ලුසේනා, සමනලී ෆොන්සේකා ඇතුලු තවත් නළු නිළියන් රැසක් රංගනයෙන් එක්ව තිබෙනවා.
දැන් ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශාලාවේදී 'ආයු' නරඹන්නට එක් විය හැකියි.
පහතින් දැක්වෙන්නේ පළමු සතිය තුළ (ඔක්තෝම්බර් 02 - ඔක්තෝම්බර් 09) දක්වා චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ විස්තර සටහන් කිහිපයකි.












