ලොව සුප්‍රකට ජේම්ස් බොන්ඩ් (James Bond) චිත්‍රපට මාලාවේ 23 වන චිත්‍රපටය වන 2012 වර්ෂයේ තිරගත වූ ‘Skyfall’ සිනමා පටය,
අද (04) ස්වාධින රූපවාහිනී සේවයෙන් (ITN) විකාශය වීමට නියමිතයි.
ඒ අනුව ‘Saturday Night Movie’ විශේෂාංගය තුළින් රාත්‍රී 10.30 ට චිත්‍රපටය විකාශය වනු ඇති.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බ්‍රිතාන්‍ය ජාතික සිනමාකරුවෙකු වන සෑම් මෙන්ඩස් (Sam Mendes) විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් එක්වන්නේ සුප්‍රකට ඉංග්‍රීසි ජාතික නළු ඩැනියෙල් ක්‍රේග්. ඔහු චිත්‍රපටයේ ප්‍රබන්ධමය බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයක් වන MI6 හි නියොජිතයෙක් වන ජේම්ස් බොන්ඩ් ගේ චරිතය නිරූපණය කරනවා.
මෙය ඔහු James Bond චිත්‍රපට මාලාවේ මෙම චරිතය නිරූපණය කරන තෙවන අවස්ථාවයි.
මීට අමතරව Javier Bardem, Ralph Fiennes, Naomie Harris, Berenice Marlohe, Albert Finney, Judi Dench වැනි ප්‍රකට නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ ද ඉංග්‍රීසි ජාතික විශිෂ්ට කැමරා අධ්‍යක්ෂකවරයෙකු ලෙස සැලකෙන Roger Dekins විසින්.
චිත්‍රපටය පිළිබඳව හඳුන්වාදීමේ විචාරය නරඹන්න මෙතනින් - Click Here
‘Skyfall’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්




